Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 18, 2017

ට්‍රම්ප්, මහින්දට කතාකරන්න බැහැ කියලා ! Featured

ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට දුරකථනය ඔස්සේ සුබ පැතීමට  ශ්‍රී ලංකාවේ හිටපු  ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සති කිහිපයෙහි දැරු උත්සාහය මුළුමනින්ම අසාර්ථකවී ඇත.

මේ දිනවල ඇමරිකාවට ගොස් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රාජපක්ෂ ආණ්ඩුව සමග සමීපව කටයුතුකළ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකුම හමුවී ඒ සඳහා අවස්ථාවක් ලබා ගැනීමට බලවත් උත්සහයක් දරා තිබේ.

එසේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියකු දුන් උපදෙසක් අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ නිලධාරියකු පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියකුට දුරකථන ඇමතුමක් ලබාදෙමින්, ඇමරිකානු ජනාධිපතිවරයා දුරකතනයට සම්බන්ධ කර දෙන ලෙස ඉල්ලා ඇතත්, හිටපු ජනාධිපතිවරුන්ට එවැනි අවස්ථාවක් නොදෙන බව පවසමින් දුරකථනය විසන්දිකර ඇත.

දුරකථන ඇමතුම ගත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ කාර්ය මණ්ඩල නිලධාරියා ශ්‍රී ලංකාව කියා රටක් තිබෙන බවක් හෝ නොදැන සිටීම විශේෂ කාරණයක් බව මෙම තොරතුරු 'ශ්‍රී ලංකා මිරර්' වෙත ලබාදුන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකු පැවසිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top