nsb

Feb 18, 2017

'චන්ද්‍රිකා වැඩ අවුල් කරනවා' - මෛත්‍රී Featured

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය තමා විසින් සැලසුම් කරමින් සිටින ඇතැම් දේශපාලන ව්‍යපෘති හිටිහැටියේ අවුල් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ජනාධිපතිවරයා එබව පවසා ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාෂිකාව වන බණ්ඩාරනායක මහත්මිය විසින් මේ සති අත්තයේ ශ්‍රීලනිප ආණ්ඩු පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිස වෙනුවෙන් සූදානම් කර තිබූ වැඩමුළුවක් සම්බන්ධයෙන් විරෝධය පළකිරීම සඳහා ඔහු හමුවීමට පැමිණි ඇමතිවරුන් පිරිසක් හමුවේ දී බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

සුසිල් ප්‍රේමජයන්ත හා ෆයිසර් මුස්තාපා යන අමාත්‍යවරුන් දෙදෙනා එහිදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් මෙන්ම, ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් බණ්ඩාරනායක මහත්මියගේ මැදිහත්වීම් දැඩි ලෙස විවේචනය කර ඇතැයි ද පැවසේ.

පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාව නම් කරන්නැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කරනු ලැබුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය විසිනි.


සබැඳි පුවත්

චන්ද්‍රිකාගේ වැඩමුළුවට මෛත්‍රීගෙන් බාල්දියක් !

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top