Feb 18, 2017

මෙල්බර්න් රාත්‍රී භෝජනයට ක්‍රිකට් ලොක්කෝ පවුල් පිටින් ගිහින් Featured

අද (18) මෙල්බර්න් හි පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගිවන රාත්‍රී භෝජන සංග්‍රහයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිලධාරීන් පවුල් පිටින් ඕස්ට්‍රේලියාවට ගොස් සිටින බව එරට ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
ජනක පතිරණ, සුජීව ගොඩලියද්ද, ප්‍රියන්ත සොයිසා හා ඈෂ්ලි ද සිල්වා යන අයගේ පවුල් හා තවත් කිහිපදෙනෙකු මෙසේ ගොස් ඇතැයි ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
කෙසේවුවද, මේ සාදයට ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කරමින් නොමිලේ එක්වන පිරිස 50ක් බවද වාර්තා වේ.
 
මේ සාදය ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ආධාර පිනිස පවත්වන්නක් වන අතර එහි පැමිණෙන අය ඩොලර් 100ක ප්‍රවේශපතක් මිලදී ගත යුතුව තිබේ.
 
මෙවර සංචාරයට නම ගිය ක්‍රිකට් ක්‍රීඩකයන් නොමැතිවීම නිසා මුල් කාලයේදී අදාළ ප්‍රවේශපත් අලෙවි කර ගැනීම තරමක අසීරු අඩියක තිබූ බවත්, ඒවා සීග්‍රයෙන් අලෙවි වූයේ ශ්‍රී ලංකා සංචාරයට ලසිත් මාලිංග පැමිණෙන බව ප්‍රකාශවීමෙන් පසු බවද මේ අතර වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top