nsb

Feb 18, 2017

බෝනික්කියක් ගැන ජර්මනියෙන් අනතුරු ඇගවීමක්

දරු දැරියන් වෙනුවෙන් නිපදවා ඇති ‘කයිලා‘ ලෙස හැදින්වෙන කතා කරන බෝනික්කන් විශේෂයක් වහාම විනාශ කර දමන්නැයි ජර්මනියේ ආරක්ෂක අංශ එරට පුරවැසියන්ට උපදෙස් දී ඇත.

පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු රැස්කර ගබඩා කර ගැනීමට හැකිවන පරිදි මෙම බෝනික්කන් විශේෂය නිපදවා ඇති බව ඔවුන් පෙන්වා දී තිබේ.

එමගින් ඔත්තු බැලීමක් සිදු කෙරෙන බවද ඒ අනුව එය පෞද්ගලික ආරක්ෂාවට මෙන්ම ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් විය හැකි බවද ප්‍රකාශ වී ඇත.

(නෙත් නිව්ස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top