Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 18, 2017

චන්ද්‍රිකාගේ කතාව බොරුවක් - හමුදාව කියයි

හමුදා සාමාජිකයින් විසින් දෙමළ කාත්තාවන්ට ලිංගික අපයෝජනයන් සිදු කරන බවට පල වී ඇති මාධ්‍ය වාර්තා යුද හමුදාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

ජාතික සංහිදියා කාර්යාලයේ ප්‍රධාන නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අදාළ මාධ්‍ය වාර්තා පල කර ඇති බව යුද හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එහෙත් එම මාධ්‍ය වාර්තාවල සදහන් කරුණු සත්‍යයෙන් තොර බව යුධ හමුදාව අවධාරණය කර ඇත.

2010 වසරේ දී සිවිල් පරිපාලනය උතුරේ ස්ථාපනය කිරීමෙන් පසු යුද හමුදාව සිවිල් පරිපාලන කටයුතුවලින් ද ඉවත් වූ බව යුද හමුදාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

යුද හමුදා සාමාජිකයින් ලිංගික අපයෝජන සිද්ධීන්ට වරදකරුවන් වූ අවස්ථා කිහිපයක් ඉතිහාසයේ ඇතත් එම සියලූ අවස්ථාවල දී වරදකරුවන්ට දඩුවම් ලබාදීමට ද යුද හමුදාව උපරිම සහය ලබාදුන් බවද මෙමගින් සිහිපත් කර තිබේ.

චන්ද්‍රිකා කියපු කතාව :

කෙසේවුවද ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලයේ සභාපතිනි, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පසුගියදා විදෙස් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ, යුද්ධයෙන් පීඩා විඳී දෙමළ කාන්තාවන් දැන් ඔවුන්ගේම අයගෙන් හා හමුදාවේ අයගෙන් ලිංගික පීඩා විඳින බවයි.

රාජකාරී සේවාවන් ලබාදීමට ලිංගික අල්ලස් ගන්නා නිලධාරීන් අතින් අපයෝජනයට ලක්වූ කාන්තාවන් අතර වසර 37ක යුද්ධය නිසා සැමියන් අහිමි වූ කාන්තාවන් ද සිටින බව ඇය කීවාය.

සබැඳි පුවත්

'දෙමළ කාන්තාව තවමත් ලිංගිකව පීඩා විඳිනවා' - චන්ද්‍රිකා

යුධ හමුදාවේ නිවේදනය :

hfhfghfhg1

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top