Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 19, 2017

ළමා අපයෝජන ලිපිගොනු නීතිපති ළඟ ගොඩගැහිලා ! Featured

ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ පිළිබඳව අධිචෝදනා ගොනුකිරීමට යවා ඇති ලිපිගොනු 288ක් පමණ නීතිපති දෙපාර්තමේන්තුව තුළ ගොඩගැසී ඇති නිසා වින්දිතයන් විශාල අපහසුතාවකට මුහුණදී ඇතැයි වාර්තා වේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ ළමා හා ස්ත්‍රී දූෂණ අංශයේ අකාර්යක්ෂමතාව නිසා මෙලෙස ලිපිගොනු ගොඩගැසීම සිදු වී ඇතැයි වාර්තා වේ.

ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ බහුතරයක් සංවේදී සිදුවීම් බැවින් මෙවැනි ලිපිගොනු විභාගයට නොගෙන කල්ගතවීම සමාජ ප්‍රශ්නයකට හේතුවක් වන බව නීති විශාරදයෝ පසති.

මේ පිළිබඳව වැඩිදුර විමසිමකදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වන කපිල වෛද්‍යරත්න මහතා පැවසුවේ පසුගිය මාස 06ක් තුළ ලිපිගොනු 500ක ප්‍රමාණයක් තම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 100ක් වැනි පිරිසකගේ ශ්‍රම බලයෙන් අවසන් කර ඇති බවත් සෑම දිනකම දෙපාර්තමේන්තුවට ලැඛෙන ලිපිගොනු ඉහළ යන බවත්ය.

(රාවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top