15976 BM WEB BANNER 01
Feb 19, 2017

'හොර වෛද්‍ය සංගමයක්' : රාජිත CID යයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ලෙස හදුන්වා දෙන ව්‍යාජ සංගමයක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අනුබද්ධ ආයතනයක් වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතාගේ චරිතය ඝාතනය කිරීමට නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදන සහ පුවත්පත් වාර්තා පිළිබද පරීක්ෂණ පැවැත්වීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසිය.

රෝගීන් මරා දැමු ඖෂධ සමාගමක් ?

“විවිධ සංගම් මගින් නිකුත් කරන ව්‍යාජ මාධ්‍ය නිවේදන රජයේ මාධ්‍ය ආයතන ද පළ කරනවා. මෙවැනි නිවේදනයක් ලැබුනු පසු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසා බැලිය යුතුයි. මෙම ව්‍යාජ නිවේදන පිටුපස සිටින්නේ ඖෂධ සමාගමක්. මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ සොරකම් කර අසරණ රෝගීන් මරා දැමු ඖෂධ සමාගමක්.

එම සමාගම පිළිකා ඖෂධ තමයි ආනයනය කළේ...

පොලීසිය විසින් එම සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත මාස 06 ක කාලයක් රිමාන්ඩිභාරයට පත් කළා.

පසුව එම පුද්ගලයා තවත් පිළිකා ඖෂධයක් ලියාපදිංචි කර ගැනීම සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයදුම්පතක් ඉදිරිපත් කොට බලපත්‍රයක් ලබාගත්තා.

මට විවිධ පැමිණිලි ලැබුනා. විෂමාචාර චෝදනා ලැබූ සමාගම වෙනත් නමකින් පිළිකා ඖෂධ ගෙන්වීමට සුදානම් වෙනවා කියලා.

පිළිකා ඖෂධ රුපියල් මිලියන 170 කට වඩා වැඩි මුදලක් යොදවා ගෙන්වන්න හැදුවා. මම එය නතර කිරීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලාභයක් ලැබුනා.

rumeරූමි මුස්ලිම් වුනාට ව්‍යාපාරිකයෙක් නොවේ :

එවැනි වංචාවක් සිදුවන බව මට දැනුම් දුන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. එහි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම්. රූමි මහතා මුස්ලිම් ජාතිකයෙක් වුනාට ව්‍යාපාරිකයෙක් නොවෙයි. තොරතුරු තාක්ෂණය පිළිබද ආචාර්ය උපාධියක් ලැබූ පුද්ගලයෙක්.

ඔහුගේ සහෝදර සහෝදරියන් ද වැදගත් රැකියාවල නිරත වෙනවා.

මෙම විෂමාචාර පිළිකා ඖෂධ ආනයන සමාගම පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද මම තොරතුරු ලබාගත්තා.

එම සමාගම ඖෂධ සොරකම් නොකළ බව ප්‍රකාශ කළත්, පොලිස් නිලධාරීන් එම සමාගම ඖෂධ ගෙන්වන ඉන්දීය සමාගම ගැන සොයා බැලුවා. ලබාදුන් ලිපිනයට අනුව එම ස්ථානයේ තිඛෙන්නේ මල් අලෙවි සැලක්.

මෙවැනි හොරුන්ගේ ලිපි මාධ්‍යවල පළ වෙනවා. විලිලැඡ්ඡයි. එම සමාගම මුදල් දි තමයි මෙවැනි ලිපි පළ කරන්නේ. මුදල් ලබාගත් අයගේ තොරතුරු ද මම සොයාගෙන තිඛෙනවා.

ඖෂධ කොල්ලකරුවෝ :

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය කියා ලිපිනයක් යොදා ව්‍යාජ සංගමයක් තිඛෙනවා. එම ලිපිනය තිඛෙන තැනට ගොස් සොයා බැලුවා. මුරකාරයා විතරයි ඉන්නේ. නිවසක් තිඛෙන්නේ. එහි හිමිකරුවන් ඉන්නේ එංගලන්තයේ. මෙහෙම බොරුකාරයෝ තමයි ඉන්නේ.

ඖෂධ කොල්ලකරුවෝ තමයි ඉන්නේ. මෙම සංසදයේ ලේකම්වරයා ලෙස අත්සන් කරන පුද්ගලයා පිළිබදව ද සොයා බලනවා. මිනිසුන්ගේ චරිත ඝාතනය කරන්න එපා. වංචා නැති කරන්න. අපේ රටේ වෛද්‍යවරුන්ගෙන් සියයට 75 ක් පමණ හොදයි. ජරා වැඩ කරන පිරිසකුත් ඉන්නවා.

මම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වංචා දුෂණ ගැන නිරතුරුව සොයා බලනවා.” යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.


සබැඳි පුවත් :

ටෙන්ඩරය නැවැත්තුවේ ඖෂධ මාෆියාවයි

පිළිකා ඖෂධ ටෙන්ඩරයක් අත්හිටුවයි

කෝටි 1 1/2 ක්‌ පාඩු කළ ඖෂධ සමාගම කට්ටිපනි !

පිළිකා රෝගීන් බිලිගන්නා හොර ඖෂධ ජාවාරමක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top