nsb

Feb 19, 2017

පැමිණීම හොඳ ජෙප්පන්ගෙයි Featured

වසර 2017 අයවැය විවාදයේ වඩාත් සක්‍රිය මන්ත්‍රී දායකත්වය ඇත්තේ ජනතා විමුක්ති පෙරුමුණ මන්ත්‍රීවරුන්ගේ බව manthri.lk වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ.

එසේ දායකත්වය දක්වන ලද ලයිස්තුවේ මුල් පස්දෙනාගෙන් සිවුදෙනෙකුම ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීහු වෙති.

පක්ෂයට ආදර්ශයක් දෙමින් එහි නායක අනුරකුමාර දිසානායක මහතා පළමු ස්ථානයේ පසුවන අතර එම ලයිස්තුවේ දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිව ඇත්තේ සුනිල් හඳුන්නෙත්ති හා බිමල් රත්නායකයට.

සිවුවැනි ස්ථානය පමණක් ජවිපේ වෙතින් ගිලිහී ගොස් ඇති අතර සිවුවැනි ස්ථානය හිමිව ඇත්තේ ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීවරයාටය.

නැවතත් පස්වැනි ස්ථානයේ පසුවන්නේ ජවිපෙ විජිත හේරත් මන්ත්‍රීවරයාය.

පළමු තැන සිටින අනුර වාර 353ක් නියෝජනය කර ඇති අතර විශයන් 13ක් ආවරණය කර තිබේ.

කෘෂිකර්ම, වැවිලි, පශු සම්පත් සහ ධීවර (01), ආණ්ඩුකරණ, පරිපාලන හා පාර්ලිමේන්තු කටයුතු (01), යුක්තිය, ආරක්ෂාව හා මහජන සාමය (01), ජාතික උරුමයන්, මාධ්‍ය හා ක්‍රීඩා (02), වෙළඳ හා කර්මාන්ත (03) හා ආර්ථික හා මුල්‍ය (03) යන විශයන් සඳහා ඔහු සක්‍රියව දායක වී ඇත.

එහි දෙවැනි තැන සිටින සුනිල් හඳුන්නෙත්ති නියෝජනය කළ වාර ගණන 236ක් වන අතර ඔහු නියෝජනය කළ විශයන් ගණන 14කි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top