Feb 19, 2017

වසරේ මංකොල්ලය සුදානම් - ගැහිල්ල ප්‍රකෝටි ගානක් !

විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයාට රු. 16 ක සාමාන්‍ය අගයකට විකුණන ලබන විදුලි ඒකකයක් රු. 29 – 30 දක්වා මුදලකට පුද්ගලික ඩීසල් විදුලි ජනනය මගින් ලබා ගැනීම පෙබරවාරි මස මුල් සතියේ දී ආරම්භ කොට ඇත.

ඒ අනුව, පුද්ගලික අංශයෙන් මිලදී ගනු ලබන එක් විදුලි ඒකකයක් මගින් විදුලිබල මණ්ඩලයට රු. 14 ක් ශුද්ධ පාඩුවක් සිදුවන බව උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ඔහු විසින් නිකුත්කර ඇති නිවේදනයකට එබව සඳහන් වේ. එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හා විදුලබ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ගේ මෙහෙයවීමෙන් සිදුවන මෙම ක්‍රියාවලිය ‘විදුලි ඉංජිනේරු මාෆියාව’ ලෙසින් සාමාන්‍ය ව්‍යවහාරයේ දී හැදින්වේ.

ජෙනරේටර් මිලදී ගැනීමකින් :

හිටපු අමාත්‍ය අනුරුද්ධ රත්වත්ත මහතා ගේ යුගයේ ඇරඹි මෙම ව්‍යවහාරය යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව නවතා දමන ලදී.

අන්ත දුෂිත ටෙන්ඩර් මගඩියක් ලෙසින් සිදු කළ ජෙනරේටර් මිලදී ගැනීමකින් මෙවර නව වටයකින් අරඹා ඇති ඩීසල් විදුලි මාෆියාව මෙගා වෝට් 60 ක විදුලි ජනනය යන්ත්‍රයක් මගින් උද්පාදනය කරන විදුලිය මිලදී ගැනීම සදහා පමණක් රුපියල් මිලියන 6100 ක මුදලක් මාස 6 ක් වැය කරනු ඇත.

කැබිනට් අනුමැතියට පෙර :

අදාල මිලදී ගැනීමට ජාත්‍යන්තර මිලදී ගැනීම් සිදු කරන ලෙස කැබිනට් මණ්ඩලය තීරණය කර තිබිය දී, කැබිනට් අනුමැතිය ලැබීමට පෙර අදාල ජෙනරේටරය පවා මිලදී ගෙන තිබුණි.

එයට අමතරව හිටපු විදුලිබල අමාත්‍ය චම්පික රණවක මහතා විසින් නවතා දමනු ලැබූ පුත්තලම හා ඇඹිලිපිටිය මෙගා වෝට් 100 බලාගාර 2 ද, මාතර, සපුගස්ගන්ද හා හොරණ මෙගාවෝට් 20 බැගින් වන බලාගාර 3 ද ඉදිරි සති කිහිපයේ දී නැවත අරඹනු ඇත.

ඒ අනුව, යහපාලනය විසින් නවතා දමා තිබූ මොගා වෝට් 260 ක් එක් විදුලි ඒකකයට රු. 14 ක පාඩුවකට විදුලිබල මණ්ඩලය විසින් මිලදී ගනු ඇත.


බදු වැඩි කිරීම හැර විකල්පයක් නැහැ :

මේ අනුව ඉදිරි මාස 6 ක කාලය තුල විදුලිබල මණ්ඩලයේ ලේකම් සුරේන් බටගොඩ සහ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු මාෆියාව විසින් සැලසුම් කොට ඇති මිලදී ගැනීමේ මුළු වටිනාකම රුපියල් බිලියන 35 ඉක්මවනු ඇත.

ඒ අනුව, විදුලි බිල වැඩි කිරීම හෝ බදු වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් රජයට නොමැතිවනු ඇත.

බැදුම්කර වංචාවට පමණක් දෙවනිවේ:

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ තක්සේරුවක් අනුව පුද්ගලික අංශයෙන් නැවත ඩීසල් විදුලි මිලදී ගැනීම ඇරඹීමත් සමගම මෙරටට ආනයනය කළ යුතු ඩීසල් සදහා වැයවන විදේශ විනිමය හේතුවෙන් රටට මිලියන 650 ක අතිරේක ආර්ථික බරක් දැරීමට සිදුවනු ඇත.

දුෂණ විරෝධී පෙරමුණ අවස්ථා ගණනාවක දී විදුලිබල අමාත්‍යාංශයේ ගල්අගුරු හා ඩීසල් විදුලි ජනනය පිළිබද දුෂණ ජනාධිපතිවරයා ගේ අවධානයට යොමු කරනු ලැබූ නමුත් මේ දක්වා දුෂිත විදුලි මාෆියාවට එරෙහිව කිසිදු පියවරක් ජනාධිපතිවරයා විසින් ගෙන නැත.

ගල්අගුරු හා ඩීසල් විදුලි මාෆියාව බැදුම්කර වංචාවට පමණක් දැනට දෙවනි වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top