Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 19, 2017

ඖෂධ සමාගමක් රාජිතට එරෙහිව නඩු මගට !

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉකුත්දා සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී තම සමාගමේ නාමය සඳහන් කරමින්, අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ කර ඇතැයි කියමින් ඔහුට එරෙහිව රුපියල් මිලියන පන්සියයක වන්දියක් ඉල්ලා ‘ඔමැක්ස් හෙල්ත් කෙයාර් (පුද්) සමාගම නීතීමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇත.

එම සමාගම නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන්වේ.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇති ගෞරවය සහ ඔහුට දීර්ඝ දේශපාලන ගමනක් යාමට ඇති අවස්ථාවට ගරු කරමින් මේ අවස්ථාවේදී ඉතා ඉවසීමෙන් කටයුතු කරන බව ද එම සමාගම සිය නිවේදනය මගින් කියා සිටියි.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කර ඇති එම සමාගම, තම සමාගමට එල්ලකර ඇති චෝදනා පිළිබඳ විමර්ශනය හැකි ඉක්මනින් නිමා කර, සුදුසු නම් නඩු පවරන ලෙස ඊට අදාළ විමර්ශනය සිදු කරන බලධාරීන් ගෙන් ඉල්ලා සිටියි.

''එවිට අපේ නිදොස් බව ඔප්පුකරන්නට අපට අවස්ථාව උදාවෙනවා පමණක් නොව, සැබෑ ඖෂධ මාෆියාව ගැන තොරතුරු දඅනාවරණය වනු ඇතැයි අපි යහ සිතින් අපේක්ෂා කරමු'' යයි ද එම නිවේදනයේ සඳහන්වේ.

සම්පුර්න නිවේදනය පහත පළවේ

Press Release Omacx Healthcare1

Press Release Omacx Healthcar 2


සබැඳි පුවත් :


'හොර වෛද්‍ය සංගමයක්' : රාජිත CID යයි

ටෙන්ඩරය නැවැත්තුවේ ඖෂධ මාෆියාවයි

පිළිකා ඖෂධ ටෙන්ඩරයක් අත්හිටුවයි

කෝටි 1 1/2 ක්‌ පාඩු කළ ඖෂධ සමාගම කට්ටිපනි !

පිළිකා රෝගීන් බිලිගන්නා හොර ඖෂධ ජාවාරමක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top