Feb 19, 2017

චන්ද්‍රිකාගේ වැඩමුළුවට ජනපතිත් එයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සඳහා විශේෂ වැඩමුළුවක් පවත්වා තිබේ.

වර්තමානයේ රටේ ආර්ථික තත්ත්වය පිළිබදව දැනුවත් කිරීම මෙම වැඩමුළුවේ අරමුණ වී ඇති අතර මීගමුවේ පැවති මෙම වැඩමුළුව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින් රැසක් ද සහභාගී වී තිබේ.

මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා සහ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා දැනුවත්කිරීමේ විශේෂ දේශන සඳහා සහභාගී වී තිබේ.

ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමතිවරුන් කිහිපදෙනෙකු විරෝධය පළකර ඇතැයි කියමින්, ශ්‍රීලනිප අනුශාශිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය විසින් සංවිධානය කර තිබු මෙම වැඩමුළුව අවලංගු කිරීමට තීරණය කර තිබුනද පසුව ශ්‍රීලනිප ඇමතිවරුන් රැසකගේ බලවත් ඉල්ලීම මත ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී තිබිණ.

මෙම වැඩමුළුවේදී ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාට ආරාධනා කිරීම සම්බන්ධයෙන් සුසිල් ප්‍රේම් ජයන්ත හා ෆයිසර් මුස්තාපා යන අමාත්‍යවරුන් ජනාධිපතිවරයා හමුවේ දැඩි ලෙස විරෝධය පළකර තිබිණ.

සබැඳි පුවත්

චන්ද්‍රිකාගේ වැඩමුළුවට මෛත්‍රීගෙන් බාල්දියක් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top