nsb

Feb 20, 2017

නීතිඥ සංගම් නිලවරණය : මහින්ද - බැසිල් ගැටුමක් ?

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය මහින්ද රාජපක්ෂ සහා බැසිල් රාජපක්ෂ සහෝදරයින් ගේ අනුග්‍රහය ලබන කණ්ඩායම් දෙක අතර තරගයක් බවට මේ වන විට පත්වෙමින් තිබේ.

ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමයේ සභාපතිවරයා ද ලෙස කටයුතු කළ නීතිඥ  යූ.ආර්. ද සිල්වා මහතා ට මහින්ද රාජපක්ෂ මහතා ගේ සහාය ලැබී තිබෙන අතර  බැසිල් රාජපක්ෂ මහතා ගේ කණ්ඩායම සහයෝගය ලබා දෙන්නේ තංගරාජ මහතාට ය.   

බැසිල් රාජපක්ෂ මහතා ගාමිණී දිසානායක මහතා සමග මහවැලි අමාත්‍යාංශයේ සේවය කළ සමයේ සිට නීතිඥ තංගරාජා මහතා සමග සමීපව කටයුතු කළ අතර ඔහුගේ සමීපතම නීතී උපදේශකවරයා ද වේ. 

එජාපයට හිතවත් කොළඹ දිසා අධිකරණයේ ගුණරත්න මහතා සහ ගාල්ල නීතිඥ සංගමයේ පිරිස්  සිල්වා මහතාට සහාය පළ කර සිටී.  

කෙසේ නමුත්, කොළඹ ප්‍රධාන නීතිඥ සංගම් හතරේම බහුතර සහාය තංගරාජා මහතා ට හිමිවී ඇත. 

බැසිල් රාජපක්ෂ මහතා ගේ සම්බන්ධීකරණ නිලධාරියා වූ නීතිඥ ජයසිංහ මහතා තංගරාජා ගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවයි. 

බැසිල්ගේ ප්‍රචාරක ව්‍යාපාරයක් :
බැසිල් රාජපක්ෂ මහතා ගේ මාධ්‍ය කටයුතු මෙහෙයවන මහින්ද පතිරණ විසින් මේ වන විට සමාජ ජාලා ඔස්සේ නීතිඥ සංගම් මැතිවරණයට එරෙහිව ප්‍රචාරක ව්‍යාපාරයක් ඇරඹා ඇත.  

මහාධිකරණ විනිසුරු කන්නන් මහතා ට හොර රහසේ පත්වීමක් ලබා ගැනීමට උපකාර කළ ජෙෆ් අගලරත්නම් මහතා ගේ කණ්ඩායම තංගරාජා ට සහාය පළ කරයි. 

අධිකරණ සේවා සංගමයේ නිලධාරින් හරහා මැතිවරණය කඩාකප්පල් කොට තවදුරටත් සභාපති ධූරයේ රැදී සිටීම අලගරත්නම් ගේ උත්සාහය වී ඇත.  

එයට සහාය  පළ කරමින් දැනට දින කිහිපයක සිට මැතිවරණ වර්ජන ව්‍යාපාරයක් තංගරාජා ගේ කණ්ඩායම විසින් දියත් කොට ඇත.  

ඊයේ (19) දින බැසිල් හිතවතෙකු වන මහින්ද පතිරණ විසින් අධිකරණ සේවා සංගමයෙන් ඉල්ලා ඇත්තේ මැතිවරණය වර්ජනය කොට නිලවරණය පැවැත්වීමට ඇති ඉඩ අවහිර කරන ලෙසයි.  

මහින්දගෙන් ඉල්ලීමක්:
මහින්ද රාජපක්ෂ මහතා ද ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දේශපාලනීකරණය අවසන් කිරීම සදහා අශිෂ්ඨානශීලිව පියවර ගන්නා ලෙසයි. 

මැතිවරණය කල් දමා ගැනීම තුලින් අලගරත්නම් මහතා තවදුරටත් එම තනතුරේ තබා ගැනීම සදහා බැසිල් කණ්ඩායම් විවෘතව ඉදිරිපත්වීමත් සමගම මහින්ද රාජපක්ෂ මහතා නීතිඥ සංගමයේ මැතිවරණ සටනට සෘජුව මැදිහත්වී සිටී. 

නීතිපති දෙපාර්තමේන්තුව හරහා නිළවරණය පැවැත්වීමට ඊයේ රාත්‍රියේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබිණ.

නීතිඥ සංගමයේ හිටපු සභාපති උපුල් ජයසූරිය මහතා ද සිය ඕස්ට්‍රේලියා සංචාරය නිමවා ඊයේ සවස ලංකාවට පැමිණි අතර ඔහු හමුවීමට පිරිසක් කටුනායක ගුවන්තොටට ගොස් සිටියේය.  

මැතිවරණ ව්‍යාපාරය පුරාම ඔහු විදේශගතවී සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top