nsb

Feb 20, 2017

ලංකාව මවගෙන් දරුවාට HIV බෝවීම වැළැක්වූ රටක් Featured

ලංකාවේ මවුවරුන් තුන්ලක්ෂ හතලිස් දහසක් පරීක්ෂා කිරීමේදී එච්.අයි.වී ආසාදිතයන් සිටින්නේ 15 දෙනෙක් බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සදහන් කරයි.

ලෝක සෞඛ්‍ය දර්ශක වලට අනුව මවුවරුන් ලක්ෂයක් අතරින් එච්.අයි.වී ආසාදිත මවුවරුන් සිටිය යුත්තේ පනහකට අඩුවෙනි.

මේ නිසා එච්.අයි.වී වෛරසය මවගෙන් දරුවාට බෝවීම වැළැක්වූ රටක් මට්ටමට ලංකාව ළගා වී ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

මේ නිසාම එච්.අයි.වී වෛරසය මවගෙන් දරුවාට බෝවීම වැළැක්වූ රටක් ලෙස ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය මේ වසර අවසන් වීමට පෙර ලබා ගත හැකිවනු ඇත.

පුරුෂයින්ද  සහයෝගය ලබා දිය යුතුයි

මවක් වීමට ප්‍රථම සියලු දෙනා එච්.අයි.වී පරීක්ෂණයකට යොමු කිරීම සහ තරුණ ගැහුණු ළමයින්ට අවශ්‍ය ලිංගික අධ්‍යාපනය ලබා දීම උදෙසා වැඩසටහන් සංවිධානය දිගින් දිගටම සිදු කරන බව හෙතෙම කියා සිටියි.

අනාරක්ෂිත ලිංගික සබදතා වලින් එච්.අයි.වී බෝවීම වැළැක්වීම සදහා තවදුරටත් වැඩසටහන් පවත්වන බවත් පසුගිය වසරේදී එච්.අයි.වී ආසාදිත කාන්තාවන් 61 සහ පිරිමින් 179 ක් වාර්තාවී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මේ නිසා එච්.අයි.වී ආසාදනය වළක්වා ගැනීමට කාන්තාවන් පමණක් නොව පුරුෂ පාර්ශවයද සහයෝගය ලබා දිය යුතු බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top