Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 20, 2017

නොයාර්ට ගැහුව හමුදාවේ අයගේ වැඩත් තහනම් කරයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට 2008 වසරේදී එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුධ හමුදා සාමාජිකයන් 5 දෙනා තාවකාලිකව වැඩ තහනමකට ලක් කර තිබේ.

සැකකරුවන් සම්බන්ධ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් මෙම වැඩ තහනම පැණවීමට තීරණය කළ බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රෝෂාන් සෙනවිරත්න මහතා කියා සිටියේය.

මෙම පැහැර ගැණිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුණේ යුද හමුදා මේජර්වරයෙකු, කෝප්රල්වරු දෙදෙනෙකු සහ සැරයන්වරුන් දෙදෙනෙකි.

මේ අතරින් තිදෙනෙකු ලබන 23 වැනිදා අනෙක් සැකකරුවන් මාර්තු මස 03 වැනිදා දක්වාත් රක්ෂිත බන්ධානාගාර ගතකර ඇත.

වසර 2008 මැයි මස 29 වැනිදා කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top