Feb 21, 2017

මෛත්‍රී හා මහින්ද මංගලගේ ගෙදර යයි (ඡායා)

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පානදුරේ පිහිටි නිවසට ගොස් තිබේ.

ජනපතිවරයා, සමරවීර මහතාගේ නිවසට ගොස් ඇත්තේ අද පානදුරේ පැවැති උත්සවයකට සහභාගිවී නැවත පැමිණෙමින් සිටියදීය.

සමරවීර මහතාගේ නිවසට ගිය ජනපතිවරයාට එහිදී තේ පැන් සංග්‍රයක් ද ලැබී තිබේ.

මේ ගමනට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ද සහභාගිවී ඇත.

කෙසේවුවද, පසුගිය දිනවල සමරවීර මහතා හා ජනපතිවරයා විරසකව සිටින බවට කට කතා පැතිර තිබිණි.

MangalaH 001 670px 21 02 17

MangalaH 002 670px 21 02 17

MangalaH 003 670px 21 02 17

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top