Feb 22, 2017

'විධායක ජනාධිපති ක්‍රමය ඉවත් නොවේ' - එස්.බී.

දැනට පවතින විධායක ජනාධිපති ක්‍රමය සහමුලින් ඉවත් නොකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

ඊයේ (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා එබව සඳහන් කළේය.

 නව ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් නොකිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බවද ඔහු එහිදී පැවසිය.

විශේෂයෙන්ම රටේ ඒකීයභාවය, ස්වෛරීභාවය සහ ස්වාධීනභාවයට හානි කෙරෙන ආකාරයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ  සංශෝධන කිසි ලෙසකින්වත් ඉදිරිපත් නොකරන බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.


සබැඳි පුවත් :

'ෆෙඩරල් ක්‍රමයකට යන්න ඉඩ දෙන්නේ නෑ' -ශ්‍රීලනිප 
ෆෙඩරල් අත්හැරීමට දෙමළ සන්ධානය සූදානම්' 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top