Feb 22, 2017

සෝමේ සරිගම එක්ක වැරදි මඟක

ආචාර්ය සෝමරත්න දිසානායක මහතාගේ සරිගම චිත්‍රපටය මොණරාගලදී වැරදි මඟකට යොමුකර ඇතැයි වාර්තා වේ.

සරිගම චිත්‍රපටය ප්‍රදර්ශනය වෙමින් තිබියදී සෝමරත්න දිසානායක මහතා අදාළ චිත්‍රපටය පෙබරවාරි 24 වැනිදා සිට මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී ප්‍රදර්ශනය කිරීමට සැලැසුම්කර තිබේ.

එහි එම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සැරසෙන්නේ DVD ආධාරයෙන් බව පැවසේ. පාසල් ප්‍රදර්ශනය සඳහා යැයි කියමින් මේ චිත්‍රපටය මෙසේ ප්‍රදර්ශනය කිරීමට යන බව ද පැවසේ.

ඊට අදාළව ඔහු විසින් සවිකර ඇති ප්‍රදර්ශන පුවරුව පහත දැක්වේ.
sarigamapa

1971/ අංක 47 දරන ජාතික චිත්‍රපට සංස්ථාව පනතේ වසර 1971 ගැසට් පත්‍රිකාවට අනුව චිත්‍රපටයක් ප්‍රදර්ශනය වන අවස්ථාවක එය මුදල් අයකරගෙන පෙන්වීම කළ නොහැකිය.

මීට පෙර 2014 පෙබරවාරි 20 සිට 25 දක්වා කාලය තුළ බදුල්ල පස්සර නගරයේ ප්‍රාදේශිය සභා ශ්‍රවනාගාරයේදී දර්ශන වාර තුනක් සෝමරත්න මහතාගේම චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට ගොස් එය චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා විසින් අත්හිටුවා තිබිණි.

සෝමරත්න මහතා ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී මෙවැනිම අකටයුතුකම් සිදු කළ බවට චෝදනා එල්ලවී තිබේ.

ඒ මහතාගේ සරිගම චිත්‍රපටය දින 52ක කාලයක් මොණරාගල HPL සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කර ඇති අතර, ප්‍රේක්ෂකයන් හිඟවීම හේතුවෙන් අදාළ සරිගම එක් දර්ශනවාරයකට සීමා කර ආලෝකා උදපාදී සිනමාපටය ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදාළ සිනමා ශාලාවේ හිමිකරු සමඟ උරණ වූ සෝමරත්න මහතා සිය චිත්‍රපටය එම සිනමාහලින් ඉවත්කර මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී ප්‍රදර්ශනය කිරීමට සැලැසුම් කර ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top