nsb

Feb 22, 2017

බෝට්ටු අනතුරෙන් මියගිය හත්දෙනෙකු මිහිදන් කෙරේ (ඡායාරූප)

කටුකුරුන්ද බෝට්ටු අනතුරෙන් මියගිය හත් දෙනෙකුගේ දේහයන් පිලිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බේරුවල සාන්ත ආනා දෙව්මැදුරේදී සිදුකෙරිණ.

මේ අතර අතුරුදන් වූ පුද්ගලයින් සිව් දෙනාගෙන් දෙදෙනෙකුගේ මළසිරුරු අද සොයා ගැනිණ. එක් මළසිරුරක් සොයා ගැනුණේ බේරුවල, වෙරළ තීරයට ගොඩගසා තිබියදීය.

ඔහු විසි පස් හැවිරිදි බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණ වී ඇත.

මෙම මළසිරුර ඔහුගේ පියා විසින් හදුනාගෙන තිබේ.මොහුගේ බිරිදද මෙම බෝට්ටු අනතුරෙන් ජීවිතක‍ෂයට පත්ව ඇති බව පොලීසිය සදහන් කළේය.

අනෙක් මළසිරුර සොයා ගැණුනේ බලපිටිය, වැල්ලබඩ වෙරළ තීරණයට ගොඩගසා තිබියදීය.

මියගොස් ඇත්තේ හත් හැවිරිදි පයාගල ප්‍රදේශයේ දරුවෙකි.

සොයාගැණුනු මෙම සිරුරු දෙකත් සමග බෝට්ටු අනතුරෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබේ.

අතුරුදන් වූ අනෙක් පුද්ගලයන් දෙදෙනා සොයා නාවික හමුදාව සහ පොලිසිය තවදුරටත් මෙහෙයුම් සිදුකරයි.

මේ අතර බම්බලපිටිය මුහුදු තීරයට ගොඩගැසු පුද්ගල මළසිරුරක් අද උදෑසන සොයා ගැනිණ.

කෙසේවෙතත් මියගිය එම පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ වී නොමැත.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top