Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 22, 2017

'ICTA, CEO පත්කර ඇත්තේ හොර පාරෙන්' Featured

ICTA ආයතනය සඳහා ප්‍රධාන විධායක නිලධාරිවරයෙකු පත් කර ගැනීමේදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කර ඇතැයි දූෂණ විරෝධි පෙරමුණ පවසයි.

එම පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියෝ අද (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

මෙම පත්කිරීම පිළිබද පැහැදිලි කර ගැනීම සඳහා ප්‍රශ්න කිහිපයක් ජනාධිපතිවරයා වෙත යොමු කරන බව සඳහන් කරමින් දූෂණ විරෝධී පෙරමුණ පෙන්වා දුන්නේ, මීට පෙර ප්‍රධාන විධායක නිලධාරි තනතුර සඳහා පුද්ගලයින් තෝරා ගැනීමේදී අනුගමනය කළ ක්‍රියාවලිය වත්මන් ප්‍රධාන විධායක නිලධාරිවරයා පත්කර ගැනීමේදී අනුගමනය කර නොමැති බවයි.


ICTA ආයතනය සඳහා ප්‍රධාන විධායක නිලධාරියාගේ ධුර කාලය දිගු කිරීම 2017 මාර්තු 03 වනදාට යෙදී ඇතැයි පැවසු දූෂණ විරෝධී පෙරමුණ, ඔහුගේ පත්කිරීම පිළිබඳ පෙන්වා දෙන ලද කරුණු මෙසේය.

සේවකයෙකු බඳවා ගැනීමේ ක්‍රියාවලිය:

ICTA ආයතනය මුලින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය හා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ලෝක බැංකු අරමුදල් යටතේ ආරම්භ විය.

දැන් එය පවතින්නේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ය.

මේ නිසා, ICTA ආයතනය මගින් කිසිදු සේවකයෙකු බඳවා ගැනීම සඳහා අනුගමනය කළ යුතු වන ක්‍රියාවලිය භාණ්ඩාගාරය විසින් නිශ්චිතව දක්වා ඇති පුද්ගල උපදේශක කුලියට ගැනීමේ ක්‍රියාවලිය (Individual Consultant hiring process) යටතේ පමණක් සිදු කළ යුතු අතර ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහාද මෙය වලංගු වේ.

http://www.treasury.gov.lk/ en/web/guest/consulting- services-manual-november-2007

ඉහත දක්වා ඇති යොමුවේ දක්වා ඇති අත්පොතේ පිටු අංක 23 සහ 24 වෙත අවධානය යොමු කිරීමේදී මෙම තත්වය පැහැදිලි වෙයි.

තනි උපදේශකවරයෙකු (Individual Consultant) තෝරාගැනීමේ රජයේ විධි විධාන වලට අනුකුලව, රුපියල් මිලියන 5 කට වැඩි කොන්ත්‍රාත් සඳහා අමාත්‍යංශ ප්‍රසම්පාදන කමිටුව (Ministry Procurement Committee) වෙත යොමු විය යුතුය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරී තෝරාගන්නා අවස්ථාවේදී , මෙම ක්‍රියාවලිය අනුගමනය කර නැත.

මාසික වැටුප රුපියල් 750,000 :

ඔහුගේ මාසික වැටුප රුපියල් 750,000 පමණ වන අතර වසර 2 ක කොන්ත්‍රාත් පදනම අනුව මෙම බඳවා ගැනීම, භාණ්ඩාගාර මාර්ගෝපදේශ අනුව, රුපියල් මිලියන 5කට වැඩි නිසා මෙවැනි මිලදී ගැනිමේ අමාත්‍යාංශය විසින් පත් කල ප්‍රසම්පාදන කමිටුව හරහා ගමන් කළ යුතුය.

පෙර ප්‍රධාන විධායක නිලධාරීන් දෙදෙනා තේරීමේදී මෙම ක්‍රියාවලිය අනුගමනය කර ඇත.

මෙම ක්‍රියාවලිය වත්මන් ප්‍රධාන විධායක (CEO) නිලධාරීන් තෝරා ගැනීමේ දී අනුගමනය කර නැත.

ICTA හී වත්මන් ප්‍රධාන විධායක නිළධාරී තෝරා ගැනීමේ දී මෙම ක්‍රියාදාමය සිදු නොකළේ මන්ද ? එසේ නොවේ නම්, මෙම පත්වීම නීත්‍යානුකූල වේද? මෙය, මෙම රජය විසින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කිරීමක් නොවේද?

මෙම තත්ත්වය නම්, ඔහුගේ පත්වීම රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය (procurement Process) උල්ලංඝනය කර ඇත.

දූෂණ විරෝධි පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන්, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ යන මහත්වරුද මෙම මාධ්‍ය හමුවට එක්වූහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top