15976 BM WEB BANNER 01
Feb 23, 2017

හිටපු හමුදා බුද්ධි ප්‍රධානියා රහස් පොලිසියට ! Featured

‘ද නේෂන්'  පුවත්පතේ සම සංස්කාරක කීත් නෝයර් මහතා, 2008 වසරේ මැයි මස පැහැරගෙන ගොස් රදවා තබාගෙන ප්‍රශ්න කරමින්, පහරදීම සම්බන්ධව මේ වන විට සිදුවන විමර්ශණයන්හි ඊළඟ පියවර ලෙස, එවක හමුදා බුද්ධි අංශ ප්‍රධානියාව සිටි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර (එවක කර්නල්) ඉදිරි දින කීපය තුලදී ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා රහස් පොලිසිය වෙත කැඳවා තිබේ.

විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා මෙසේ රහස් පොලිසියට කැඳවා ඇත්තේ කීත් නෝයර් සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ පසුවන බුද්ධි අංශ සාමාජිකයින් ගෙන් හෙලිදරව් වූ කරුණු මතය.

පොලිස් ආරංචි සඳහන් කරන පරිදි, මාර්ග කීත් නෝයර් මහතා පැහැර ගත් විගස එසේ පැහැර ගන්නා ලද මේජර් බුලත්වත්ත ඒ බව දැනුම් දී ඇත්තේ එවක කර්නල් අමල් කරුණාසේකර වෙතය.

අමල් කරුණාසේකර විසින් ඒ බව එවක ජාතික බුද්ධි අංශ ප්‍රධානී කපිල ‍හෙන්දාවිතාරණ වෙතත්, හෙන්දාවිතාරණ විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දුන් ආකාරය දුරකතන දත්ත විශ්ලේෂණය කිරීමේදී මැනෙවින් තහවුරු වී ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.

රහස් පොලිසිය විසින් මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි සිදුවූ සම්පූර්ණ ක්‍රියාදාමය පරිවේෂණීය සාක්ෂි මත (Circumstantial  evidence) ගොඩ නගා තිබේ.

ට්‍රිපොලි හමුදා කඳවුර ?


මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදුකිරීමේ චෝදනා යටතේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශයේ මේජර් ප්‍රභාත් බුලත්වත්ත, සාජන් දුමින්ද වීරරත්න,  සාජන් හේමචන්ද්‍ර පෙරේරා, කෝප්‍රල් ලසන්ත විමලවීර සහ කෝප්‍රල් නිශාන්ත ජයතිලක යන අය මේවනවිට රිමාන්ඩ් භාරයට පත් කොට ඇත.

අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන් පිරිස පිටකොටුව ටෙක්නිකල් හන්දිය අසල පිහිටි ට්‍රිපොලි හමුදා කඳවුරට අනුයුක්‌ත ආරක්ෂක නිවස්නයක සිට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් සිය රාජකාරි සම්බන්ධයෙන් හිටපු බුද්ධි අංශ ප්‍රධානි අමල් කරුණාසේකර වෙත වාර්තාකර ඇති අතර, ඔහු හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා යටතේ රාජකාරි කර තිබිණ.

කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදී ඇත්තේ රජයේ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් ඔහුට තොරතුරු ලබා දෙන්නේ කව්දැයි හෙළි කර ගැනීමට බව පැවසේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top