Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 23, 2017

කොරියන් බඩු නිසා වසංගත අවදානමක් Featured

කොරියාවෙන් දිගින් දිගටම ගෙන්වනු ලබන පරණ බඩු (පාවිච්චි කරන ලද) හේතුවෙන් බරපතල ලෙස රේගු බදු අහිමි වීමෙන් තත්ත්වයක් මතුව ඇතැයි රේගු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ ජාවාරම සිදුකරනු ලබන්නේ වසර ගණනක් විදෙස් රටවල දුක්විඳින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ කෝටා එක කොල්ල කමින් බවද වාර්තා වේ.

අදාළ ජාවාරම සිදු කරනු ලබන පිරිස කොරියාවේ සේවය කරනු ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කොරියාවේ සිටියදී ඔවුන් විසින් පරිහරණය කරන ලද භාණ්ඩ තීරුබදු රහිතව ලංකාවට ගෙනඒමට ලබාදී ඇති වරප්‍රසාදය භාවිතා කරමින් මෙය සිදු කරනු ලබන බව පැවසේ.

එහි සේවය කළ කාලය අනුව අදාළ වරප්‍රසාදයේ අගය ඉහල යන බවත්, එම වරප්‍රසාදය අඩු මුදලකට කොල්ලකන මේ පිරිස ඒ හරහා කොරියානු පරණ බඩු ලංකාවට පැටවීම සිදුකරනු ලබයි.

ලෙඩ රෝග ව්‍යාප්තවීමේ අවදානමක්

මේ ජාවාරම් කරුවන් විසින් අදාළ පරණ බඩු එකතු කරනු ලබන්නේ කොරියානු රෝහල්, කාර්යාල, නිවාස හා වැඩබිම් වැනි තැන්වලින් බවද පැවසේ.

කොට්ට, මෙට්ට මෙන්ම ඇඳ ඇතිරිළි පවා ඔවුන් මෙරටට පටවන අතර ඇතැම්විට රෝහල් වැනි ස්ථානවලින් එවැනි භාණ්ඩ ඉවත ලන්නේ බෝවන රෝග වැනි තත්ත්වයන් නිසා බවද පැවසේ.

වසංගත අවදානම් පවා මින් ලංකාවට ඇතිවිය හැකි බව රේගුවේ උසස් නිලධාරියකු ශ්‍රී ලංකා මිරර් සමඟ පැවසීය.

මේ ජාවාරමට රේගුවේ නිලධාරීන් ද සම්බන්ධ වී සිටින බව වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top