nsb

Feb 23, 2017

බලු දඩේ 25,000ක් හා හය මසක් ඇතුළට

සුනඛයින් මහ මඟ දමා යන සහ අයාලයේ යවන පුද්ගලයින්ට එරෙහිව රුපියල් 25,000 ක දඩ මුදලක් හා සය මසක සිර දඬුවමක් නියම කිරීමට නීති සක් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා කියයි.

FaizerM 600px 16 12 24පොදු ස්ථානවලට සුනඛයන් ගෙනැවිත් දමන පුද්ගලයන් හඳුනාගැනීම සඳහා පොදු ස්ථානවල ආරක්ෂිත කැමරා සිවිකිරීමටද සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා කියා සිටී.

මේ සඳහා වන කැබිනට් අනුමැතිය ලබාගන්නා බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

අයාලේ යන සුනඛයන් රටට විශාල ප්‍රශ්නයක් යැයිද පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top