Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 23, 2017

තොරුතුරු දැන ගැනීමටත් තොරතුරු සොයාගන්න බෑ

පසුගියදා ගැසට් කරන ලද තොරතුරු දැනගැනීමේ පනත රාජ්‍ය අංශය තුළ නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව වාර්තා වේ.

‘ශ්‍රී ලංකා මිරර්’ විසින් සිදුකළ සොයා බැලීමකදී මේ සම්බන්ධයෙන් ඇතැම් අඩුපාඩු හෙළිදරව් විය.

මෙරට රාජ්‍ය භාෂාවන් ලෙස සිංහල හා දෙමළ භාෂා ද ස්ථාපිත කර තිබුණද, ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් පසුගියදා එළිදැක්වූ rti.gov.lk වෙබ්අඩවිය තුළ, අමාත්‍යංශ වලට පත්කර ඇති තොරතුරු නිලධාරීන් ගේ ලැයිස්තුව සඳහන් කර ඇත්තේ ඉංග්‍රීසි බසින් පමණි.

තවද, අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා විද්‍යුත් තැපැල් හෝ ෆැක්ස් පණිවිඩ මගින් ඉල්ලීම් සිදුකරන මෙන් තොරතුරු දැනගැනීමේ පනතේ සඳහන් ව තිබුණද, එම ලැයිස්තුවේ සිටින නිලධාරීන් බොහෝ දෙනාගේ විද්‍යුත් තැපැල් හෝ ෆැක්ස් අංක සඳහන් කර නොමැත.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙකු පවසා තිබුණේ ඔවුන් තවමත් එම වෙබ්අඩවිය යාවත්කාලීන කරමින් සිටින බවයි.

අමාත්‍යංශ වලට පත්කර තිබූ තොරතුරු නිලධාරීන් ගේ ලැයිස්තුව සකස් කිරීමේදී ඔවුන් හා සම්බන්ධවීමට අවශ්‍ය විස්තර (විද්‍යුත් තැපැල් ලිපින වැනි) නිසි ලෙස ඒකරාශී කරගෙන නොතිබුණේ මන්දැයි විමසූ විටදී එම නිලධාරීයා පවසා සිටියේ එම කර්තව්‍යය භාරව කටයුතු කරන්නේ තමා නොවන බවයි.

මේ අතර, වෙනත් අමාත්‍යංශයක තොරතුරු නිලධාරියෙකු සම්බන්ධ කරගැනීමට දැරූ උත්සහයකදී එම නිලධාරිණියගේ පෞද්ගලික සහයිකාව විසින් පවසා සිටියේ තමාගේ ප්‍රධානියා ඒ අවස්ථාවේදී සම්බන්ධ කරගත නොහැකි බවත්, සිය ප්‍රධානියා තොරතුරු නිලධාරියෙකු බවට තමා ද දැන නොසිටි බවත්ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top