nsb

Feb 24, 2017

කිත් නොයාර්ට ලංකාවට එන්නැයි නියෝගයක් Featured

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් ලබන 03දා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියෝග කර තිබේ.

ඒ, සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන සිටින හමුදා සාමාජිකයින් තිදෙනෙකු ඊයේ  (23) අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වෙන මාර්තු මස 03 දින මාධ්‍යවේදී කීත් නොයාර්ගේ පැමිණීම අනිවාර්ය බවද නැවත හඳුනාගැනීමේ පෙරට්ටුවක් නොපවත්වන බවද මහේස්ත්‍රාත්වරිය දැනුම් දී ඇත.

එහිදී ඔවුන් තිදෙනා ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් වරිය නියෝග කර තිබේ.

පැහැරගෙන පහර දුන්නේ ගෝඨා ?

මේ අතර කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පුරවැසි සංවිධාන එකමුතුවේ චමීර පෙරේරා මහතා පැවසුයේ,
මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහර දීමේ සිදුවීම පසුපස ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිටින බවට තොරතුරු හෙලිව ඇති බවයි.

මෙම පැහැර ගැනීම සිදු කලේ ගෝඨාභය රාජපක්‍ෂ සමග සාකච්චා කරමින් බව හමුදා නිලධාරීන් හා බුද්ධි නිලධාරීන් හෙලිදරව් කරන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් එම ප්‍රකාශය සිදු කරන්නේ කුමන තොරතුරු මුලාශ්‍ර  පදනම් කරගෙනදැයි මාධ්‍යවේදීන් විමසූ විට ඔහු නිසි පිලිතුරක් දීමෙන් වැලකී සිටියේය.

අදාල වීඩියෝව


Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top