nsb

Feb 24, 2017

බැදුම්කරයට මහින්දගේ අත්සනින් නිකුත් වූ ගැසට් පත්‍රය මෙන්න Featured

ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනපති සහ මුදල් අමාත්‍ය මහින්ද  රාජපක්ෂ මහතා නිකුත් කළ බව පැවසෙන ගැසට් පත්‍රය 'දුෂණ විරෝධී පෙරමුණ' විසින් අනාවරණය කර ඇත.

මෙම ගැසට් පත්‍රය සත්‍ය නම්, මෙය අසිරිමත් සිදුවීමකි.

2015 ජනවාරි 1 දින වන විට මෙම ගැසට් පත්‍රය මුද්‍රණය කළ මුදල් අමාත්‍යවරයා 2015 මාර්තු 1 දින සිදුවන දුෂිත බැදුම්කර ගනුදෙනුවේ සැබෑ වටිනාකම අන්තිම රුපියල් සියයට (එනම් රුපියල් දශ ලක්ෂ 10,058 ක් බව)  නිවැරදිව දැන සිට ඇත.

එපමනක් ද නොව, මෙම දුෂිත ගනුදෙනුවේ පොලී අනුපාතය 12.5% ක් වන බව ද ඔවුන් දැන සිට ඇත.

ජනාධිපති මාට්ටු කිරීමට !

දුෂණ විරෝධී පෙරමුණ වෙත ලැබී ඇති තොරතුරු අනුව මෙම ගැසට් පත්‍රය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 වසර ආරම්භයේ දී වෙන්කරවා ගත් අංකයක් යොදා ගනිමින්  මුද්‍රණය කොට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්වීමෙන් පසුවය.

මහ බැංකුව විසින් මෙම ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය වෙත යොමු කොට ඇත්තේ 2015 සැප්තෑම්බර් මසය.  එවිට රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පමණක් වූ අතර මුදල් අමාත්‍යවරයා වූයේ රවී කරුණානායක මහතා  ය.

බැදුම්කර වංචාව සදහා ආයතනික සහාය ලබා දුන් පුද්ගලයින් තවමත් මහ බැංකුවේ ප්‍රධාන තනතුරු දරමින් සිටින අතර ඔවුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම ගනු දෙනුව සදහා සම්බන්ධ බව හැගවීම සදහා මෙම ගැසට් නිවේදනය යොදා ගනිමින් සිටින බව පැහැදිලිය.

බැඳුම්කර කොමිසම සඳුදා තෙක්‌ නවතී:

bankman
මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතා මහ බැංකුවේ බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දීම සඳහා ඊයේ (23 දා) උදේ එහි පැමිණි අයුරු.

ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්වලට අදාළව 2015 ජනවාරි 01 දිනැතිව නිකුත්ව ඇතැයි කියන අතිවිශේෂ ගැසට්‌ පත්‍රය ගැන ඇතිවූ මතභේදාත්මක තත්ත්වය නිසා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතාගෙන් සාක්‍ෂි විමසීම නවත්වා කොමිසමේ වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව පරීක්‍ෂා කරන ජනාධිපති කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා නියම කළේය.

2015 ජනවාරි 01 දිනැතිව නිකුත්ව ඇති අංක 1895/19 දරණ අතිවිශේෂ ගැසට්‌ පත්‍රය මුද්‍රණය කළ දිනය සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය නිසා ඒ ගැන වහාම රජයේ මුද්‍රණාලයාධිපතිවරයාගෙන් ප්‍රකාශයක්‌ සටහන් කරගත යුතු බවට කොමිසම නියෝග කරන බවද එම ප්‍රකාශය ලබා ගැනීමෙන් පසු ඉදිරි සාක්‍ෂි ලබා ගැනීමට නියම කරන බවද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා කියා සිටියේය.

2015 ජනවාරි 01 දිනය සහිතව නිකුත්ව ඇති එම ගැසට්‌ පත්‍රය මුද්‍රණය කළේ කවර දිනයකද යන්න කොමිසම තහවුරු කරගත යුතු බවද සභාපති විනිසුරු චිත්‍රසිරි මහතා කියා සිටියේය.

එම ගැසට්‌ පත්‍රය අත්සන් කළ බවට හිටපු මුදල් හා ක්‍රමසම්පාදන ඇමැති මහින්ද රාජපක්‌ෂ මහතාගේ නම සඳහන් වන බැවින් හිටපු මුදල් ඇමැතිවරයා එම ගැසට්‌ පත්‍රයට අත්සන් තබා තිබේද යන්න තහවුරු කරගත යුතු බවටද කොමිසමේ අවධානය යොමුවිය.

මුද්‍රණාලයාධිපතිවරයාගෙන් තහවුරු කරගත යුතුයි.

අදාළ ගැසට්‌ පත්‍රයේ පිටපතක්‌ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සමරතුංග මහතාට ඉදිරිපත් කර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය ප්‍රශ්න කළ අවස්‌ථාවේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ එම ගැසට්‌ පත්‍රය ගැන තමාගේ දැනුවත් භාවයක්‌ නැති බවයි.

මතභේදයට තුඩුදුන් එම ගැසට්‌ පත්‍රය නිකුත් වූ දිනය වන 2015 ජනවාරි 01 දින තමා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා නොවන බවද ආචාර්ය සමරතුංග මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

2015 ජනවාරි 01 දිනැතිව නිකුත්ව ඇති එම ගැසට්‌ පත්‍රයේද රු. දශලක්‌ෂ 10,058 ක වටිනාකමකට සියයට 12.5 පොලී අනුපාතය යටතේ වසර 30 ක භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවක්‌ 2015 මාර්තු 15 දින සිදුකිරීම පිළිබඳව සඳහන්ව ඇති බවද මෙහිදී රජයේ අධිනීතිඥවරිය කොමිසමේ අවධානයට ලක්‌ කළ අතර මෙහිදී ආචාර්ය සමරතුංග මහතා ප්‍රකාශ කළේ එම ගැසට්‌ පත්‍රය ගැන තමා කිසිවක්‌ නොදන්නා බවයි.

මෙවැනි ගැසට්‌ පත්‍රයක්‌ ගැන මෙතෙක්‌ කොමිසම දැනගෙන නොසිටි බැවින් මේ ගැසට්‌ පත්‍රය මුද්‍රණය කළ දිනය පිළිබඳව රජයේ මුද්‍රණාලයාධිපතිවරයාගෙන් තහවුරු කරගත යුතු බවද කොමිසමේ සභාපතිවරයා කීවේය.

එම ප්‍රකාශය වහාම ලබා ගන්නා ලෙස නියම කළ ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ලබන සඳුදා (27 දා) යළිත් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට නියම කළේය.


බැදුම්කර වංචාව මුදල් ඇමති මහින්ද රාජපක්ෂ ගේ අත්සනින් නිකුත් වූ ගැසට් පත්‍රය පහත පළවේ

gazzete

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top