Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 24, 2017

මහින්ද අයියා එක්ක අවුලක් නැතැයි ගෝඨා කියයි

තමත් කුඩා කාලයේදී පියා මිය ගිය පසු තමන් ඇතුළු පිරිස රැකබලා ගත්තේ සහෝදර මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති විසින් බව ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඬේලිමිරර් පුවත්පත හා අදහස් පල කරමින් ඔහු සදහන් කරන්නේ තම පවුලේ සහෝදරයන් අතර කිසිදු ගැටුමක් නැති බවත් සියළු දෙනා ඉතා සමීපව කටයුතු කරන බවත්ය.

පසුගිය ආණ්ඩුව තුල සිටිදී පවා සිය සහෝදර බැදීම එලෙසම තිබූ බවද පවසන ඔහු ඇතැම් ප්‍රතිපත්තිමය කාරණා මත එකග නොවූ තැන් තිබුනද ඒවා සාකච්චා කර විසදා ගත් බවද කියයි.

හිටපු ජනපති මහින්ද දේශපාලනය ගැන දන්නා නිසා තමන් සැවමිටම ඔහුට සවන් දෙන බවද පවසන ගෝඨාභය රාජපක්‍ෂ මහතා, තම පවුලේ සියළු දෙනා ඉතා දැඩිව එකට බැදී සිටින බවද කියයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සමීප ගනුදෙනුවක් පැවැත්වීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා කිසියම් අමනාපයකින් පසුවන බව මාධ්‍ය වාර්තා කර තිබිණ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top