nsb

Feb 25, 2017

බැඳුම්කර පත්තරේ තවත් පස්සට තල්ලුවෙයි !

අර්ජුන ඇලෝසියස් විසින් ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර හරහා උපයාගත් මුදලින් ආරම්භ කිරීමට නියමිත පුවත්පත තවදුරටත් ප්‍රමාදවන බව වාර්තා වේ.
 
මීට පෙර එම පුවත්පත මාර්තු 01 වැනිදා සිට වෙළඳ පොළට නිකුත් කිරීමට කටයුතු යොදා තිබූ අතර එය දින නියමයක් නොමැතිව කල්දමා ඇතැයි වාර්තා වේ.
 
විවිධ ප්‍රතිවිරෝධතා හා ගැටීම් නිසා එම පුවත්පත නිකුත් කිරීම කල් ගොස් ඇති බව පැවසේ.
 
කෙසේවුවද, මේ පුවත්පත අලෙවිකරනු ලබන අලෙවි නියෝජිතයින්ට 40%ක්ද හා දැන්වීම් නියෝජිතයින් හට 75%ක් කොමිස් ලබාදීමට සැලැසුම්කර ඇති බව වාර්තා වේ.
 

 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top