nsb

Feb 25, 2017

මහින්ද තුට්ටුදෙකට බදුදුන් කොල්ලුපිටියේ ඉඩම Featured

නාගරික සංවර්ධන අධිකාරියට අයත්ව තිබූ කොල්ලුපිටියේ අක්කර 2යි, රූඩ් 2යි, පර්චස් 11.14ක ඉඩමක් වාර්ෂිකව රුපියල් 10,000/- කට වසර 99කට විදේශීය සමාගමකට හෝටලයක් සෑදීමට බදු දී තිබේ.
 
එම බදුදී ඇත්තේ 2012 ජූලි 16 වැනිදා වන අතර එවකට මුදල් ඇමතිවරයාව සිට ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාය.
 
ඉහල ව්‍යාපාරික වටිනාකමක් ඇති කොල්ලුපිටියේ පිහිටි මේ ඉඩමට මාසිකව බදු වශයෙන් ලැබෙන්නේ රුපියල් 834/- කටත් අඩු මුදලකි.
 
කෙසේවුවද, එම  කාලයට අනුව මෙවැනි ඉඩමක් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලකට බදු දීමේ හැකියාව තිබූ බවද හෙළිව තිබේ.
 
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top