Feb 25, 2017

බැසිල් යළි දිවයිනට : පිළිගන්න ජ්‍යෙෂ්ඨයෝ නෑ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණයට සම්බන්ධයෙන් ඉතා තීරණයක් ගැනීමට පැය කිහිපයක් තිබිය දී බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපලෙන් ලංකාවට පැමිණියේය.

පලාත් පාලන මැතිවරණය නිවේදනය කරන තෙක් ලංකාවට නැවත නොපැමිණෙන බව ප්‍රකාශ කළ බැසිල් රාජපක්ෂ මහතා නැවත හදිසියේ ලංකාවට පැමිණියේ නීතිඥ සංගම් නිලවරණය සම්බන්ධයෙන් ගැටුමක් ඇතිවී ඇති අවස්ථාවක ය. 

නීතිඥ සංගම් නිලවරණයේ දී බැසිල් ගේ සහාය ලැබී ඇති තංගරාජා මහතා ගේ කණ්ඩායම පසුගිය සතියේ දී මැතිවරණ කල් දමා ගැනීමේ සාර්ථක උත්සාහයක නිරත විය.  බැසිල් ගේ මාධ්‍ය ඒකකය මැතිවරණය කල් දැමිය යුතු යැයි විශාල ප්‍රචාරයක් ලබා දුන්නේය.

 රාජපක්ෂ මහතා පිළි ගැනීම සදහා ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයේ කිසිදු ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ගුවන්තොටට ගොස් නැති අතර නීතිඥ සංගමයේ නිලවරණය සම්බන්ධ කණ්ඩායම් ගුවන් තොට පර්යන්තයේ දීම නීතිඥ සංගම් නිලවරණය සම්බන්ධයෙන් අද විධායක සභාවට ඉදිරිපත් වී ඇති යෝජනාව ගැන සාකච්ඡා කර ඇත.

නීතිඥ සංගම් නිලවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා යූ.ආර්.ද සිල්වා ගේ කණ්ඩායමට සහාය දක්වන අතර බැසිල් රාජපක්ෂ මහතා සහාය දක්වන්නේ තංගරාජා ගේ කණ්ඩායමට යි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top