Feb 25, 2017

'ජනාධිපතිතුමනි බලය අතට ගන්න' - ඩිලාන් (වීඩියෝ)

සම්මුතිවාදී ආණ්ඩුව නිසි මගට ගැනීම සඳහා බලය අතට ගෙන ක්‍රියාත්මක වෙන්නැයි හාලිඇල ආසනයේ පැවති ගුරු හමුව අමතමින්  රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ජානධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

එය ජනතාවගේද ඉල්ලීම බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේ බලය අතට නොගත හොත් එය ආණ්ඩුව පවත්වාගෙන යාමේ බාධාවක් විය හැකි බව හෙතෙම කියා සිටියේය.

 මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පක්ෂයේ නායකත්වය සමඟ ඉදිරියට යා  යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේ නොකර පක්ෂයේ නායකත්වයට එරෙහි වී බෙදුන හොත් ඉතිහාස අත්දැකීම් අනුවම අනාගතයක් නොමැති බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.  

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top