Feb 25, 2017

බැදුම්කර ගැසට් නිවේදනයත් බොරු නම් තත්වය බරපතලයි !

මහින්ද රාජපක්ෂ මහතා බැදුම්කර මගඩියට සම්බන්ධ ගැසට් පත්‍රයට සිය අත්සන යොදා නොමැති නම්, ඔහු විසින් මහ බැංකුවේ නිලධාරීන්ට, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ මුදල් අමාත්‍යවරයාට එරෙහිව වහා පොලීසියට පැමිණිලි කොට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතු යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනය නිකුත් කරමින් පවසයි.

 මහ බැංකු බැදුම්කර ගනුදෙනුවටඅදාලව මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනවාරි 1 දින ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇති බවට විශ්වාස කළ නොහැකිය. 

එය සිතාමතා කරුණු වසන් කිරීම සදහා ද, බැදුම්කර වංචාව සදහා ආවරණයක් ලබා ගැනීමට බැදුම්කර වංචාවේ මොළකරුවන් දරණ උත්සාහයක් බව බැලූ බැල්මටම පෙනී යයි.


වංචාව වසා ගැනීම සදහා :


ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනතේ 4 වන වගන්තියට අනුව මෙවැනි ගැසට් නිවේදනයන් නිකුත් කිරීම සිදු විය යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරි, බැදුම්කර වංචාව සිදුවන විට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලෙස කටයුතු කළ පී.සමරසිරි මහතා සහ මහ බැංකුවේ අධිපතිවරයා වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතා ගේ නිර්දේශ සහ අනුමැතිය මතය.

එමෙන්ම, එම නිලධාරීන්ගේ අනුමැතිය ලැබූ ගැසට් නිවේදනය මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු ව තිබිය යුතු අතර එයට මුදල් අමාත්‍යවරයා ගේ අත්සන ලබාගැනීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුය.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබදව වහා පොලීසියට පැමිණිලි කළ යුතුව ඇති අතර, රාජ්‍ය ණය අධිකාරි, බැදුම්කර වංචාව සිදුවන විට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලෙස කටයුතු කළ පී.සමරසිරි සහ මහ බැංකුවේ අධිපතිවරයා වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ මුදල් අමාත්‍යවරයා ගෙන් මේ පිළිබදව ප්‍රශ්න කළ යුතුව ඇත. 

රාජපක්ෂ මහතා මෙම ගැසට් නිවේදනයට සිය අත්සන යොදා නොමැති නම් එය ව්‍යාජ ලේඛන සැකසීමක් වනු ඇති අතර, බැදුම්කර වංචාව වසා ගැනීම සදහා රජයේ පාර්ශයන් දරමින් සිටින උත්සාහය තවදුරටත් හෙළිදරව්වීමක් වනු ඇත.

අදාළ ගැසට් නිවේදනය මෙතනින්

 

සබැඳි පුවත්

බැදුම්කර ගැසට් පත්‍රයට නම දැම්මාට මහින්ද නඩු යයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top