Feb 26, 2017

ඉන්දියාවට ලංකාව හා ආර්ථික ගිවිසුම් වැඩක් නැතිලු ! Featured

ඉන්දීය රජයට ශ්‍රී ලංකාව සමඟ ආර්ථික ගිවිසුම් ඇතිකර ගැනීමට වඩා වැදගත් වන්නේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම බව ඉන්දීය විදේශ ලේකම් එස්. ජයශංකර් මහතා රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

දෙදින නිල සංචාරයකට ශ්‍රී ලංකාවේ පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා රජයේ ප්‍රධානීන් ගණනාවක් හමුවේ මෙම කරුණු පැහැදිලි කර තිබේ.

එහිදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස දියත් කිරීම ගැන ඉන්දීය විදේශ ලේකම්වරයා විශේෂ උනන්දුවක් දැක්වූ බවද පැවසේ.

දැනට මෙම ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවීමෙන් පසු ටෙන්ඩර ප්‍රදානය සම්බන්ධව හටගෙන තිබෙන ව්‍යාකූල තත්ත්වය ගැන ඔහු රජයෙන් කරුණු විමසා ඇති බවද රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ හැර ද්‍රව ගෑස් විදුලි බලාගාරයක් ඉදිකිරීම හා තවත් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ඉන්දු ලංකා ඒකාබද්ධ ව්‍යාපෘති ලෙස පවත්වාගෙන යාම පිළිබඳව ජයශංකර් මහතා ශ්‍රී ලංකාවට කරැණු දැක්වා ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top