nsb

Feb 26, 2017

ප්‍රභූ පුතුන් දෙදෙනෙකු සුපිරි හෝටල් තුල මරා ගනී !

ආණ්ඩුවේ ප්‍රභූන් දෙදෙනෙකුට සමීප ඥාති සම්බන්ධයක් ඇති තරුණයින් දෙදෙනෙකු අද (26) අලුයම සුපිරි හොටල් දෙකක පහරදීම් සිදුකර බරපතල හානි සිදුකර ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

එම වාර්තාවලට අනුව, ආණ්ඩුවේ ඉහල දේශපාලනඥයකුගේ සොයුරකුගේ පුත්‍රයකු අද අලුයම 1.00ට පමණ හිල්ටන් හෝටලයේදී බිමත්ව සිදුකල පහරදීමකින් අබ්දුල් නමැති පුද්ගලයකු තුවාල ලබා ඇත.

එම පහරදීම සිදුකල විසි හත් හැවිරිදි තිස්ස නමැති තරුණයා කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතත්, ප්‍රබල ඇමැතිවරයකුගේ මැදිහත්වීම මත පොලිසිය විසින් වහාම නිදහස් කර තිබේ.

මේ අතර රාජ්‍ය ඇමැතිවරයකුගේ පුතෙක් මරදාන 'ක්ලික්' රාත්‍රී සමාජ ශාලාව තුලදී තරුණියන් දෙදෙනෙනෙකුට පහරදී තිබේ.

අද උදැසන 3.30 පමණ සිදුකර ඇති මෙම පහරදීමෙන් තුවාල ලැබූ එක් තරුණියක් හිටපු ජනප්‍රිය මන්ත්‍රීවරියකගේ සොයුරියකගේ දියණියක් බව ද වාර්තාවේ.

එම පහරදීමෙන් තරුණියන් දෙදෙනාගේ මුහුණට තුවාල සිදුව ඇතැයි ද පැවසේ.

පොලිසිය මේ සම්බන්ධයෙන් ද මෙතෙක් නිසි පියවරක් ගෙන නොමැති බව වැඩිදුරටත් වාර්තාවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top