nsb

Feb 26, 2017

අධිවේග නඩත්තුව කොම්පැනියකට Featured

මෙරට අධිවේගී මාර්ග පාලනය සහ නඩත්තුව සඳහා විශේෂ සමාගමක් පිහිටුවීමට තීරණය කර ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

නව සමාගම මහාමාර්ග අමාත්‍යංශයට අයත් නොවන සමාගමක් ලෙස ස්ථාපනය කිරීමටද සැලැසුම්කර ඇති බව පැවසේ.

අධිවේගී මාර්ග විධිමත් ලෙස නඩත්තු කිරීම, ඒවා සඳහා ලබාගෙන ඇති ණය පියවීම, ආදායම් රැස් කිරීම, ගාස්තු නියාමනය ඇතුළු සියලු කටයුතු එම සමාගමට පැවරීමට නියමිතය.

එම සමාගම් ව්‍යුහය පෞද්ගලික කළමණාකරන සමාගමක් ලෙස කඩිනම් තීන්දු ගත හැකි වන ලෙසට නෛතික ව්‍යුහය ද සකස් කිරීමට සැලැසුම්කර ඇති බව පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top