nsb

Feb 27, 2017

ජිනීවා සමුළුව ඇරඹේ - ලංකාව කල් ඉල්ලීමට යයි

34 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව අද (27 ) ජිනීවා නුවරදී ආරම්භ වේ. එය අවසන් වන්නේ මාර්තු මස 24 වෙනිදාය.

මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දින 03ක් වෙන්කර ඇත.

පළමු දිනය වන මාර්තු දෙවනිදා සාකච්ඡා කෙරෙන්නේ මෙරට සිදුවූ  පුද්ගල පහරදීම් පිළිබඳවයි.

දෙවන දිනය වන මාර්තු 15 වෙනිදා මෙරට වෙසෙන සුළු ජාතීන්ගේ ගැටලූ පිළිබඳ සාකච්ඡාවට ලක්කෙරේ.

තුන්වන දිනය වන්නේ මාර්තු 22 වෙනිදායි. එදිනට ශ්‍රී  ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වාර්තාවේ කරුණු විමසීමට නියමිතය.


ඇමරිකාව වෙනුවට බ්‍රිතාන්‍ය :


මෙවර ඇමරිකාව වෙනුවට බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව විසින් ජිනීවා යෝජනාව අංක 02 නමින් යෝජනාවක්‌ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කර ඇත.

මෙහිදී ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීම සඳහා දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් 10 කට අධික පිරිසක්‌ මානව හිමිකම් කොමිසමේ ශාලාව වෙන්කර ගෙන ඇතැයි වාර්තාවේ.

එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් දෙදෙනකුද ශ්‍රී ලංකාවට එරෙහිව අද තම වාර්තා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි එම වාර්තා සඳහන් කරයි.

මංගල තවත් කල් ඉල්ලීමට යයි :

MangalaSamaraweera 670px 23 11 16මෙවර සැසිවාරයට සහභාගි වීම සඳහා  ඊයේ දිවයිනෙන් පිටත්ව ගිය විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා,  ජිනීවා වේලාවෙන් හෙට (28) උදෑසන 10.30ට සැසිය ඇමතීමට නියමිතය.

ඒ මහතා සමඟ මනෝ තිත්තවැල් මහතාද ජිනීවා ගොස් සිටියි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගන්නා ලද යෝජනාවෙන් ඉල්ලා තිබෙන යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය පිහිටුවීම සඳහා තවත් කල් ඉල්ලීමට ශ්‍රී ලංකාවේ රජය කටයුතු කරන බව  ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාදාමය පිළිබඳව ලන්ඩනයේ දී ප්‍රසිද්ධ දේශනයක් පවත්වමින් ඔහු පසුගියදා ප්‍රකාශ කර තිබිණ.

සබැඳි පුවත් :

'ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට කල් ඉල්ලනවා' - මංගල (වීඩියෝ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top