15976 BM WEB BANNER 01
Feb 27, 2017

ලෙබනනයේ ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ට පොදු සමාවක් !

ලෙබනනයේ නීත්‍යානුකූල නොවන ලෙස සිටි ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ට පොදු සමාවක් ලබාදීමට එරට රජය එකඟත්වය පළකර ඇත.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකාවේ ලෙබනන්හි තානාපතිනි ගරු ආර්. කේ. විජේරත්න මෙන්ඩිස් මහත්මිය විසින් ලෙබනනයේ නීත්‍යානුකූල නොවන ලෙස ජීවත්වූ විගමනික ශ්‍රමිකයන් වෙත පොදු සමාවක් ලබාදෙන මෙන් ලෙබනන් රජයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබිණ.

ඒ අනුව ලෙබනන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ලෙබනනයේ ගරු ස්වදේශ කටයුතු අමාත්‍ය, ගරු විදේශ කටයුතු අමාත්‍ය හා එරට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජෙනරාල් ඊබ්‍රහිම් අබ්බාස් මහතා සමඟ දීර්ඝ සාකච්ඡා පවත්වා ඇත.

එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ලෙබනන්හි නීත්‍යානුකූල නොවන ලෙස ජීවත්වූ විගමණික සේවකයන් වෙත පොදු සමාවක් ලබාදීමට ලෙබනන් රජය එකඟ වී ඇතැයි ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top