Feb 27, 2017

ශ්‍රීලනිපය දෙකඩ කිරීම වරදක් - ජනපති

ශ්‍රීලනිපයේම සිටිමින් ස්වාධීනව පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කිරීමට ලබා දුන් නිදහස වැරදියට භාවිත කරමින් පක්‍ෂය කැඩීමට කටයුතු කිරීම වරදක් යයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ ජනාධිපති නිල නිවසේදී පැවති සන්ධානයේ පක්‍ෂ නායක හමුවේදීය.

ශ්‍රීලනිපය දෙකඩ වුවහොත් දෙගොල්ලන්ටම පරාජය වීමට සිදුවන්නේ යයිද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

මහින්ද හොරෙන් රනිල් හමුවෙලා :

මේ අතර හම්බන්තොට කසාගලදී පැවති ජනහමුවක් අමතමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුයේ, මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති එජාපය සමග එක් වී ශ්‍රීලනිපය දෙකඩ කිරීමට සූදානම් වන බවයි.

''ඉස්සර හැම එකකටම ‘යර්ස් සර්’ කියාගෙන ඉන්න තිබුනේ. දැන් සිරිසේන ජනාධිපතිතුමා යටතේ ලොකු නිදහසක් අපට තියෙනවා. හිටපු ජනාදිපතිතුමා එජාපය සමග ඇතිකරගත් ඩිල් එකක ප්‍රතිඑලයක් විදියට තමයි නව පක්ශයක් හදලා ශ්‍රිලනිප දෙකඩ කරන්න හදන්නේ.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිතුමා ගිය සතියේ සිංගප්පුරු ගිහිපු අවස්ථාවක අගමැති රනිල් එක්ක රහස් සාකච්ජාවක් පවත්වලා තියෙනවා'' යයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top