Sathosa Ad Final Sinhala
Pasidol
15976 BM WEB BANNER 01
Feb 28, 2017

''හොර හිතින් කළොත් හෙළිදරව් වෙනවා'' රවී ගෙන් මහින්දට ප්‍රතිචාරයක්

යමක් හොර විදිහට හොර හිතින් කළොත් වැඩි කල් යන්න කළින් හෙළිදරව් වෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධයක් නොමැති බව ඔප්පු කිරීමට නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අධිකරණමය ක්‍රියාමාර්ගයකට එළඹිය හැකි බව ද රවි කරුණානායක මහතා කියා සිටියි.

මුදල් අමාත්‍යංශයේ ඊයේ (27) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ,
වත්මන් ආණ්ඩුව යටතේ නිකුත් කළ බැඳුම්කර වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයාගේ නමින් ගැසට් පත්‍රයක් නිකුත්කළ බවට එල්ලවන චෝදනාවලට හා ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත්කර ඇති නිවේදනයකට සිය ප්‍රතිචාරය දක්වමිනි.

2015 වසරේ මාර්තු, මැයි සහ අගෝස්තු මාසවල බැඳුම්කර නිකුතු තමන්ගේ නම යටතේ ගැසට් කර තිබීම 'වංචාවක්' බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කර තිබිණ.

අදාළ ගැසට් පත්‍ර ප්‍රකාශයට පත්කර ඇත්තේ 2016 නොවැම්බර් මාසයේ බව එහි කුඩා අකුරින් සටහන්ව තිබෙන බව හිටපු ජනාධිපතිවරයා විසින් නිකුත්කළ නිවේදනයක සඳහන් කර තිබේ.

කෝප් වාර්තාවේ එක තැනකවත් නැහැ:

එම චෝදනා වලට ප්‍රතිචාර දක්වමින් මුදල් ඇමතිවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී මෙසේ ද සඳහන් කළේය.

 "මේ ගැසට් පත්‍රය මුළු කෝප් වාර්තාවේ එක තැනකවත් නැහැ. ඇයි මේක යටපත් කරලා තිබ්බේ. මේ නිසා අපිට කියන්න පුළුවන් වෙලා තියෙනවා..අපේ කාලයේ මුකුත් වෙලා නැහැ කියලා.

මහින්ද රාජපක්ෂ 2005 භාර ගත්තාම ඒ ආකාරයෙන් 2004 රේ කටයුතුත් පැවරිලා තියෙනවා. සාමාන්‍යයෙන් මුදල් ඇමතිවරයෙකුට වර්තමානයේ වැඩකටයුතු භාර ගන්න වෙනවා වගේම මීට පෙර වසරේ වැඩත් භාර ගන්න වෙනවා.

දැන් මහින්ද රාජපක්ෂ කියනවා බැඳුම්කර වංචාව එයාගෙ ඇඟේ ගහන්න හදනවයි කියලා..ගහන්න ඔනේ නැහැ එතන තමයි තිබ්බේ.

ඕක තමයි යමක් හොර විදිහට හොර හිතින් කළොත් ඕවා වැඩි කල් යන්න කළින් හෙළිදරව් වෙනවා කියන්නේ."


ආයෝජනවලට ගෙවන්නේ නෑ‘

බැඳුම්කර සිද්ධියේදී පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම වරදක් කර තිබෙන බවට තහවුරු වුවහොත් ඔවුන්ගේ ආයෝජනවලට ගෙවීමේ වගකීම බාර නොගන්නා බව පැවසු මුදල් ඇමැති රවී කරුණානායක මහතා, එහෙත් අනෙකුත් සියලුම බැඳුම්කරවල වගකීම රජය බාරගන්නා හෙයින් ආයෝජකයින් බිය විය යුතු නැති බවද කියා සිටියේය.


සබැඳි පුවත් :

බැඳුම්කර ගැසට් පත්‍රයට මහින්දගේ නම ආ හැටි

මහ බැංකුවේ සමරසිරිට ජනතා බදු මුදලින් රැකවරණ ?

වැඩේ මාට්ටු ! - බැදුම්කර ගැසට් පත්‍රය ගැන මහින්දගෙන් නිවේදනයක්

'මහ බැංකුවේ සමරසිරිගේ වැඩ තහනම් කරන්න'

බැදුම්කර ගැසට් නිවේදනයත් බොරු නම් තත්වය බරපතලයි !

බැදුම්කර ගැසට් පත්‍රයට නම දැම්මාට මහින්ද නඩු යයි.

බැදුම්කරයට මහින්දගේ අත්සනින් නිකුත් වූ ගැසට් පත්‍රය මෙන්න

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top