Feb 28, 2017

මීළඟ අගවිනිසුරු කවුදැයි නිර්දේශ කෙරේ

ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා පත්කිරීම සුදුසු බව ව්‍යවස්ථාදායක සභාව ඊයේ (27) රාත්‍රී තීරණය කර තිබේ.

ඒ අනුව අදාළ නිර්දේශය අද (28) දිනයේදී ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයා වෙත දැනුම් දෙනු ඇත.

මීළග අගවිනිසුරුවරයා පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්විමක් ඊයේ (27) රාත්‍රීයේ කතානායක කරූ ජයසූරිය මහතාගේ නිළ නිවසේ දී පැවැත්විණ.

ඊට ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන සියලු සාමාජිකයන් එක්ව සිටි බව වාර්තා වේ.

මීළග අගවිනිසුරුවරයා ලෙස පත් කිරීම සඳහා කේ.ටී. චිත්‍රසිරි සහ ප්‍රියසාද් ඩෙප් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ නම් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමු කර තිබිණ.

ඒ අනුව ශ්‍රී  ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා පත්කිරීම සුදුසු බව ව්‍යවස්ථාදායක සභාව ඒකමතිකව තීරණය කරනු ලැබ තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top