nsb

Feb 28, 2017

සමයං ඇතුළෙදි ගත්ත ෆොටෝ Featured

පාතාල නායක ‘සමයං’ නොහොත් අරුණ දමිත් උදයංග පතිරණට ලැබුණු දේශපාලන රැකවල් හේතුවෙන් ඔහු බන්ධනාගාරය තුළ සිටද පාතාල වැඩ මෙහෙයවූ බව මේවන විට ප්‍රසිද්ධ රහසක්ව තිබේ.

කඩුවෙල දැඩිගමුවේ පදිංචිව සිටි සමයං පාතාල ලෝකයට නැතිනම් සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස මෑතකදී බිහිවුණු චරිතයකි.

පසුගිය මහා මැතිවරණයේදී ඔහු බන්ධනාගාරයේ සිට මැතිවරණ කටයුතු මෙහෙය වූ බවද ප්‍රසිද්ධ රහසකි.

ඔහුට එකල බන්ධනාගාර තුළදී පවා දුරකථන පරිහරණය  කිරීමට බාධාවක් නොවූ බවත්, ඔහුගේ දුරකථන ඇල්ලූ ඇතැම්  නිලධාරීන්ට සිදු වූයේ ඉහළ බලධාරීන්ගේ රැවුම් ගෙරවිලිවලට ලක්වන්නට බවද පැවසේ.

ඒ නිසාම සමයං අතේ නිතර ස්මාර්ට් ෆෝන් එකක් තිබූ බව පැවසේ. එසේ සිර කුටිය ඇතුළතදී ඔහු ගත් ඡායාරූප කිහිපයක් මේවන විට අන්තර් ජාලයට මුසුව තිබේ.

අදාළ ඡායාරූප පහත දැක්වේ.

කඩුවෙල කේන්ද්‍රකරගෙන පාතාල ක්‍රියාකාරකම්වල නිරතව සිටි සමයන් එතැන් සිට සිය බලය මුළු කොළඹටම ව්‍යාප්ත කිරීමට උත්සාහ ගත්තෙකි.

ඒ වෙනුවෙන් ඔහු වෙනත් පාතාල කල්ලි සාමාජිකයින්ට ප්‍රහාර එල්ල කළ බවද මේවන විට ප්‍රසිද්ධය.

මුල්‍ලේරියාව, අතුරුගිරිය ආදී ප්‍රදේශවල පසුගිය මාස කිහිපය තුළ සිදුවූ මිනිස් ඝාතනවලට සමයංගේ සම්බන්ධයක් ඇති බවට ආරක්ෂක අංශ සැකකරනු ලබයි.

සමයං පාතාල ලෝකයට අත‍පොත් තබන්නේ බටේවෙල නිශාන්තගෙනි.

සුදු වෑන් රථයකින් පැමිණි සන්නද්ධ කල්ලියක් විසින් බටේවෙල නිශාන්තව පැහැර ගැනීමකින් පසු අතුරුදන් කර තබිණි.

එතැන් සිට බටේවෙල නිශාන්ත කල්ලියට නායකත්වය දෙන්නේ  එම කල්ලියේ ඊළඟට සිටි බලවතා වූ දීති කුමාර නොහොත් සරාය.

වැඩි කල් නොගොස්  සරා සහ සමයං අතර ගැටුමක් ඇති වන්නේ බල ‍පොරයකටය.

ඒ කඩුවෙල පැත්තේ ඇති බහු ජාතික සමාගමකින් කප්පම් ගැනීමක් හා සම්බන්ධයෙනි.

එම සටනින් ජය ගන්නේ සමයංය. කඩුවෙල දැඩිගමුවේ දන්සලකදී සරාව ඝාතනය කරමිනි. එතැන් සිට සමයං කඩුවෙල පාතාල අණසක සියතට ගන්නේ දේශපාලන හයි හස්තියද ඇතිවය.

මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය වෙළෙඳාම් වෙනස් පාතාල අපරාධකරුවන්ගේ මෙන්ම සමයංගේ ද ප්‍රධාන ආදායම් මාර්ගය විය.

සාමාන්‍යයෙන් එතෙක් මතෛක් බිහි වූ පාතාල අපරාධකරුවන්ට ඔවුන්ටම යැයි කියාගත් ආචාර ධර්ම පද්ධතියක් පවා ඇතත් සමයංට නම් එසේ නැති බව සඳහන්ය.

සමයංගේ ගෝලයෙක් දෙස යමෙක් බැලුවත් ඔහුට එල්ල වන්නේ පිහි පහරකි. බුලත් තට්ටුවෙන් පවා කප්පම් ගන්නා බව කියති.

සමයංට මෑතකදී කඩුවෙල අධිකරණයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල විය. ඒ නඩු කටයුත්තකට ඔහුව බන්ධානාගාරයේ සිට අධිකරණයට ගෙන එන අතර තුරදීය.
සමයං විවාහයකයෙකි. එක් දරුවෙක් සිටින බව ‍පොලීසිය කියයි.

සමයංගේ මව් පියන් ගුරුවරුන්ය. ඒ දෙමාපියන් ඔහුව දරුකමට හදාගත් දෙමාපියන්ය.  සැබෑ දෙමාපියන් ගැන අනාවරණය වන්නේ නැත. පාසල් අධ්‍යාපනය ලබන සමයේදී ඔහු ඉගෙනුට දක්ෂ අයෙක් බව කියති.

එහෙත් ඔහු පාතාල අපරාධකරුවෙක් වූයේඇයි දැයි ඇත්තේ ගැටලුවකි. විශ්වාස කරන්නේ ඔහු හදාවඩාගත් දරුවෙක් වූ බැවින් හදාවඩාගත් මව්පියන්ගේ ඥාතීන් දේ‍පොළ සම්බන්ධයෙන් නිරන්තරයෙන් ඇති කරගත් ආරවුල් ඔහු පාතාලයට තල්ලුකර ඇති බවකි.

තවත් පැත්තකින් කියැවෙන්නේ ඔහු තමන් හදාවඩාගත් ගුරු යුවළගේ දේ‍පොළ විකුණා මත්කුඩු භාවිතයට හුරු වී  පසුව පාතාලයට පිවිසි බවය.

කඩුවෙල පැත්තේ සෑම ව්‍යාපාරික ස්ථානයකින්ම පාහේ සමයං කප්පම් ගත් බවත් ඔහුට ඇති බිය නිසා කිසිවෙක් ඒ ගැන පැමිණිලි නොකළ බවත් ‍පොලීසිය පැත්තෙන් කියැවෙන්නේය.

මූලාශ්‍රය - ලක්බිම

Samayanpic1

Samayanpic2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top