nsb

Feb 28, 2017

දුම්රිය පාර දිගු වෙද්දී සීගිරියයි පරිසරයයි අනතුරේ

දඹුල්ල සිට හබරණ දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ කටයුත්තකට දුම්රිය දෙපාර්තමේන්තුව හා ප්‍රවාහන අමාත්‍යාංශය යොමු වී ඇති බවට වාර්තා පළ වී තිබේ.

මෙම දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ප්‍රදේශයට ඉඩම් අක්කර 500 ක් 800ක්, වගා ඉඩම් 250 ක් 400 ක් ජලාශ 11 ක් නතුවන බැවින් මෙයින් විශාල ශබ්ද සහ වායු දුෂණයක් ඇතිවීමේ අවධානමක් ඇති බව පරිසරවේදීන්ගේ මතයයි.

මෙමගින්  සීගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටල් කර්මාන්තය විශාල අනතුරකට පත් විය හැකිය.

මෙම දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමට සැලසුම් කර ඇත්තේ සීගිරියට නුදුරුව ඇති අවුඩන්ගාව  ගම්මානය හරහාය.මෙම අවුඩන්ගාව ප්‍රදේශයේ විශාල ලෙස වී ගොවිතැන,කෘෂිකාර්මික ඉඩම් මෙන්ම මහා පරිමාන ජලාශ 3 ක් හා කුඩා පරිමාන ජලාශ 8 ක් පිහිටා ඇත.මේ ගම්මානයේ ජනතාවගේ ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි.

මෙය ශ්‍රීලංකාවේ ස්වාභාවික පරිසරයට මෙන්ම අනාගතයේදී පාරිසරික ප්‍රශ්න රාශියකට අත වැනීමක් බව පරිසරවේදීන්ගේ මතයයි.

දඹුල්ල සිට හබරණ දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ කටයුත්ත ජාතික පරිසර දෙපාර්තමේන්තුව විසින් විවේචනය කර තිබුණත් ඔවුන් එයට නිසි ක්‍රියා මාර්ගයක් ගෙන නොමැත.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top