nsb

Feb 28, 2017

බැඳුම්කර ගැසට් පත්‍රය අපරාධ වරදක් ! Featured

මත භේදයකට ලක්ව ඇති බැඳුම්කර ගනුදෙනුවට අදාළ ගැසට් නිවේදනය වහාම අවලංගුකර, සංශෝධිත ගැසට් පත්‍රයක් නිකුත්කරන්නයි කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට උපදෙස් දී ඇත.

ඒ අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය.

මෙසේ ගැසට් පත්‍රයක් නිකුත් කිරීම අපරාධ වරදක් විය හැකි බව සඳහන් කර ඇති එම ඇමතිවරුන්, මේ සම්බන්ධයෙන් කිසියම් හෝ පාර්ශවයක් නඩු පැවරීමට පෙර එම සංශෝධිත ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබේ.

සරත් අමුණුගම, චම්පික රණවක හා හර්ෂ ද සිල්වා යන අමාත්‍යවරුන් එසේ උපදෙස් දී ඇත.

රාජපක්ෂලා ගැසට් ගහලත් නැහැ !

කෙසේවුවද රාජපක්ෂ පාලන සමයේදී 2012- 2013 හා 2014 වර්ෂවල සිදුකෙරුණා බැඳුම්කර ගනුදෙනුවලට අදාළව හිටපු මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල් මහතා කිසිඳු ගැසට් නිවේදනයක් නිකුත්කර නැතැයි ද අද පැවති කැබිනට් රැස්වීමේදී අනාවරණය වී ඇත.

මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ උපදෙස් මත බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය, බැඳුම්කර සිද්ධිය සමබන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඊයේ (27) කියා සිටියාය.

අදාල ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මහජන ණය දෙපාර්තමේන්තුව විසින් දන්වනු ලැබුවේ 2016 වසරේ දෙසැම්බරයේදී බව ද රජයේ මුද්‍රණාලයාධිපතිනිය එහිදී සඳහන් කළාය.

සබැඳි පුවත් :

''හොර හිතින් කළොත් හෙළිදරව් වෙනවා'' රවී ගෙන් මහින්දට ප්‍රතිචාරයක්

බැඳුම්කර ගැසට් පත්‍රයට මහින්දගේ නම ආ හැටි 

මහ බැංකුවේ සමරසිරිට ජනතා බදු මුදලින් රැකවරණ ?

වැඩේ මාට්ටු ! - බැදුම්කර ගැසට් පත්‍රය ගැන මහින්දගෙන් නිවේදනයක් 

'මහ බැංකුවේ සමරසිරිගේ වැඩ තහනම් කරන්න' 

 

බැදුම්කර ගැසට් නිවේදනයත් බොරු නම් තත්වය බරපතලයි !

බැදුම්කර ගැසට් පත්‍රයට නම දැම්මාට මහින්ද නඩු යයි.

බැදුම්කරයට මහින්දගේ අත්සනින් නිකුත් වූ ගැසට් පත්‍රය මෙන්න

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top