Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Mar 01, 2017

'හදිසිකාරයින්' නිහඬවීම යහපාලන සෞඛ්‍යට හොඳයි - ජනාධිපති

මාලඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහිව රටපුර පැනනැගී ඇති ජනතා විරෝධය අවබෝධ කරගනිමින් කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩල සාමාජිකයින්ට අවවාද කර තිබේ.

සයිටම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මතය මෙය යැයි කියමින් සිසුන් හා සමස්ත ජනතාව නොමග නොයවන ලෙස ඔහු ඇමතිවරුන් කිහිප දෙනෙකුට දැනුම් දීමක්ද කර ඇත.

වෛද්‍ය ශිෂ්‍ය කමිටුව පසුගියදා තමන් හමුවී ඔවුන්ගේ දුක් ගැනවිලි පැහැදිලි කල බව ඊයේ (28) පැවති කැබිනට් මණ්ඩලයේදී පවසා ඇති ජනාධිපතිවරයා, ඔවුන්ගේ ප්‍රශ්න ගැන කිසිවකු කතා නොකරන බවට චෝදනා කර තිබේ.

සයිටම් හි වරදක් තිබෙන බව පවසා ඇති ජනාධිපතිවරයා, ඒ සම්බන්ධයෙන් අදාළ සියලු සාකච්ඡා මාර්ගයෙන් එකඟත්වයට පැමිණිය යුතු බවත්, එතෙක් 'හදිසිකාරයින්' නිහඬව සිටීම යහපාලන ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යයට හිතකර විය හැකි බවත් අවධාරණය කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top