nsb

Mar 01, 2017

තෙල්බාලා මියගිහින් - දේහය ලංකාවට ගෙනත්

මත්කුඩු ජාවාරමේ ප්‍රධානියකු ලෙස සැලැකෙන බාලේන්ද්‍රන් හෙවත් තෙල්බාලා ඉන්දියාවේදී මියයාමෙන් පසුව ඔහුගේ මෘත දේහය ලංකාවෙට ගෙනවිත් ඇතැයි වාර්තා වේ.

ඔහුගේ මෘත දේහය මේවන විට ජයරත්න මල්ශාලාවේ ඇතැයි ද වාර්තා වේ.

බාලාගේ දේහය ජයරත්න මල් ශාලාවෙන් වැල්ලම්පිටියේ බදුල්ලෙවත්තට ගෙනයාමට නියමිත බවද මේ අතර විශ්වාසකටයුතු ආරංචිමාර්ගයකින් වාර්තා වේ.

විශාල හෙරොයින් තොගයක් හමුවීමෙන් පසුව තෙල් බාලා පිටුපස පොලිසිය පැන්නීමට පටන්ගැනීමෙන් පසුව තෙල් බාලා ඉන්දියාවට පැනගොස් සැඟව සිටියේය.

සමාජයට අහිතකර ක්‍රියාවන් මගින් කෝටිපතියෙක් බවට පත් බාලේන්ද්‍රන්ගේ මුල් කාලෙ ජීවනෝපායක් වී ඇත්තේ තෙල් කරත්තයකින් තෙල් විකිණීම බව පැවසේ.

තෙල්බාලා යන නම ඔහුට පට බැඳී ඇත්තේ එහෙයිනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top