nsb

Mar 01, 2017

කැබිනට්ටුව උණුසුම් කළ රවීට එරෙහි තලතාගේ යෝජනාව Featured

රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ට මේ වසරේ සිට ඇමෙරිකානු ඩොලර් 350ක අවම වැටුප් සීමාවක් පැනවීමට පසුගිය අයවැයේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කල යෝජනාව අහෝසි කර එය මුලින් පැවති ඇමරිකානු ඩොලර් 300 කරන ලෙස ඉල්ලා විදේශ රැකියා කටයුතු පිළිබඳ ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය විසින් ඊයේ (28) පැවති කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙනවිත් තිබේ.  

වැටුප් වැඩිකිරීමට හා රක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා කල අයවැය යෝජනාව හේතුවෙන් ශ්‍රී ලංකාවට විදෙස් රැකියා අවස්ථා අහිමිවීමේ අවධානමක් මතුව ඇතැයි ඇමතිවරිය විසින් ගෙන ආ කැබිනට් පත්‍රිකාවේ සඳහන් ව ඇතැයි ද පැවසේ. 

මෙවර අයවැය යෝජනාවක් ක්‍රියාත්මක කරමින් විදේශ රැකියා සඳහා යන මෙරට ශ්‍රමිකයන්ගේ අවම වැටප ඉහළ දමා තිබේ. 

ඒ අනුව විදෙස්ගත පුහුණු ශ්‍රමිකයෙකුගේ අවම වැටුප ඇ.ඩො.450ක් ලෙසද, නුපුහුණු ශ්‍රමිකයෙකුගේ වැටුප ඇ.ඩො.350ක් ලෙස ඉහළ නංවා තිබේ.

මෙම සංශෝධිත වැටුප් ප්‍රමාණය 2017 පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

විදෙස් රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ට 2016 අයවැය මගින් ද ඇමරිකානු ඩොලර් 300 ක අවම වැටුප් සීමාවක් පනවා තිබූ නමුත් එය ගිය වසරේ ක්‍රියාත්මක නොවිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top