nsb

Mar 01, 2017

සමයංගේ දේහය නිවසට - ආරක්ෂාව තර කෙරේ (ඡායා) Featured

බන්ධනාගාර බස් රථයකට 28දා කළුතර දී එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් මිය ගිය පාතාල නායක සමයංගේ දේහය ඔහුගේ කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන විත් තිබේ.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බොහෝ පිරිසක් පැමිනෙමින් සිටින අතර ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.

මීට ප්‍රථම ද මෙකී ‘සමයං‘ නමැති පාතාල සාමාජිකයා ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී සිදුවූ අතර, වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී කාන්තාවක ද වෙඩි ප්‍රහාරයකට ලක් කරවමින් මෙම සැකකරුවම ඉලක්ක කරගත් ප්‍රහාරයක් ලෙස පූර්ව ඝාතන තැත් දෙකක් සිදුව තිබිණ.


සබැඳි පුවත් :
බන්ධනාගාරයත් වගකිවයුතුයි - සාගල, ස්වාමිනාදන්ට කියයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top