15976 BM WEB BANNER 01
Mar 01, 2017

''විභාගයට වසර දෙකයි අපි තාමත් අතරමගයි'' (ඡායා)

බස්නාහිර පළාත් ගුරු සේවයට ගුරු විභාගය සමත් උපාධිධාරීන් බදවා ගැනීම කඩිනම් කරන ලෙස ඉල්ලමින් බස්නාහිර පළාත් ගුරු විභාග සමතුන්ගේ එකතුව අද(01දා) උදෑසන විරෝධතාවක නිරත විය.

ගුරු විභාගය සමත්ව වසර දෙකක් ගත වී ඇතත් තවමත් ගුරු පත්වීම් නොලැබූ 2500ක පමණ පිරිසක් සිටින නමුත් බලධාරීන් මෙම තත්වය පිළිබදව නිසි අවධානයක් යොමු කර නොමැති බව ඔවුන් කියා සිටියි.

ඒ අනුව ‍මෙම පිරිස බත්තරමුල්ල දියත උයන සිට රන්මඟ පාය දක්වා සටන් පාඨ කියමින් ගමන් ගත් අතර ගුරු පත්වීම් කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලමින් අධ්‍යාපන බලධාරීන්ට සංදේශයක් ද භාරදුන්නේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top