Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Mar 01, 2017

වැලිකඩ ගැටුමේ වින්දිතයින්ට වන්දි

වර්ෂ 2012 දී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් මිය ගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත්කරනු ලැබූ ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශ අනුව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින් වැලිකඩ ගැටුමෙන් මිය ගිය රැඳවූවන් 16දෙනෙකු හට එක් අයෙකුට රුපියල් 2,000,000/-ක් බැගින් වන්දි ලබා දීමටත්, එම ගැටුමෙන් තුවාල ලැබූ තැනැත්තන්ට එක් අයෙකුට රුපියල් 500,000/-ක් බැගින් වන්දි ලබා දීමටත් අමාත්‍ය මණ්ඩලය විසින්  තීරණය කර ඇත.

2012 නොවැම්බර් මස 09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් සිරකරුවන් 27දෙනෙකු මියගිය අතර, බන්ධනාගාර නිලධාරියෙක් හා සිරකරුවෝ 20දෙනෙක් තුවාල ලැබූහ.

පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව මගින් නිර්දේශ කරනු ලැබ ඇත්තේ මියගිය 27දෙනා අතුරින් 16දෙනෙකුට වන්දි ලබා දෙන ලෙසයි.

ඉතිරි 11දෙනෙකු බන්ධනාගාරයෙන් පැනයාමට උත්සාහ කිරීමේදී මිය‍ ගොස් ඇති නිසා වන්දි ලබා දීම අවශ්‍ය නොවන බව නිර්දේශ කර තිබේ.

මෙම සිදුවීමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරියාට හා සිරකරුවන් 20දෙනාට වන්දි ලබා දෙන ලෙසද  එම කමිටුව නිර්දේශ කර ඇති බව සඳහන්ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top