Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Mar 01, 2017

‘ධීවර කර්මාන්ත අධ්‍යයනයට ලංකාව සුදුසුම තැනැක්’

මෙරට ධීවර කර්මාන්තය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා තම රටේ ධීවර ක්ෂේත්‍රයේ නියුතු වන්නන් ශ්‍රී ලංකාවට එවීමට අපේක්ෂා කරන බව සීෂෙල්ස් රාජ්ය පවසයි.

සීෂෙල්ස් රාජ්යයේ ධීවර අමාත්‍ය මයිකල් බෙන්ස්ට්රෝංග් (Michael Benstrong) මහතා අද (28) පස්වරුවේ දී මුදල් අමාත්යාංශයේ දී අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය ඉහළ මට්ටමක පවතින බව පෙන්වා දුන් බෙන්ස්ට්රෝං මහතා, දූපත් රාජ්‍යයක් ලෙස තම රට ද ධීවර කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව වැනි ඉහළ මට්ටමකට පත් කර ගත යුතු බවත්, ඊට ශ්‍රී ලංකා රජය දක්වන සහය අගය කරන බවත් පවසා සිටියේ ය.

සංචාරක සහ ධීවර කර්මාන්තය මූලික කර ගත් දූපත් රාජ්‍යයක් ලෙස තම රටට ශ්‍රී ලංකාවෙන් ලබා ගත හැකි ආදර්ශයන් බොහෝ ප්‍රමාණයක් ඇතැයි ද බෙන්ස්ට්රෝංග් මහතා වැඩි දුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සීෂෙල්ස් රාජ්‍ය මහකොමසාරිස් ඩේවිස් පියරේ මහතා (Davis Pierre) ද එක් ව සිටියේ ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top