15976 BM WEB BANNER 01
Mar 02, 2017

මංගලගේ ජිනීවා කතාවට ආණ්ඩුවෙන්ම පරස්පරයක් Featured

මතුවට ජන වාර්ගික ගැටුම් ඇති නොවන බව තහවුරු කර ගැනීම සඳහා නව ව්‍යවස්ථා කෙටුම්පත් ක්‍රියාවලියක් යහපාලන රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවත් එය ජනමත විචාරණයකට යොමුකරන බවත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ජිනීවා හි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයේ ඉහළ මට්ටමේ රැස්වීම අමතමින් ප්‍රකාශ කලද, ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ වත්මන් ආණ්‌ඩුව විසින් ගෙන එනු ලබන්නේ නව ව්‍යවස්‌ථාවක්‌ නොව ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ පමණක්‌ බවයි.

ශ්‍රීලනිපය වෙනුවෙන් ඇමැති චන්දිම වීරක්‌කොඩි මහතා එම අදහස්‌ පළ කළේ මාලිගාවත්තේ පිහිටි ඛනිජ තෙල් සංස්‌ථාවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එක්‌සත් ජාතික පක්‍ෂය කුමන මත ප්‍රකාශ කළද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කිසිසේත් මුළුමණින්ම වෙනස්‌ නොකරන බව ඔහු අවධාරණය කර සිටියේය.

එය සංශෝධනය සිදුකරන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනතාව විසින් දුන් ජනවරමට අනුව බව පැවසූ ඇමැතිවරයා, ජනතාව බලාපොරොත්තු වන දේ මිස අන් කිසිවක්‌ වත්මන් රජය නොකරන බවද කියා සිටියේය. 


'මෛත්‍රීට එරෙහිව හිටපු අය'
ඒ අතර ඊයේ (01) පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ රජයේ කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා, රජයේ ප්‍රතිපත්තිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළත් නව ව්‍යවස්ථාවක්‌ සකස්‌ කිරීම හා ඒ සඳහා ජනමත විචාරණයක්‌ පැවැත්වීම බව පැවසීය.

රජයේ අරමුණ ඉටුකර ගැනීමට පියවරෙන් පියවර මේ වන විට ඉදිරියට යන බව කී ඇමැතිවරයා මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කරවූයේ ඔය ප්‍රකාශ කරන ශ්‍රීලනිපයේ අය නොවන බවද ජනාධිපතිවරයා තමන් ජනතාවට වූ පොරොන්දුව ඒ අයුරින්ම ඉටුකරන බවද කීය.

නව ව්‍යවස්ථාවක්‌ ඇති කිරීම සඳහා වන අනු කමිටු වාර්තා 06 ක්‌ ලැබී ඇති බවද ඒවා මේ වන විට අධ්‍යයනය කරමින් පවතින බවද ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.


සබැඳි පුවත් :
'නව ව්‍යවස්ථාවක් ගේනවා' - මංගල ජිනීවාහි දී සහතිකවේ 

මෛත්‍රී හා මහින්ද මංගලගේ ගෙදර යයි (ඡායා)

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top